Category Foreign

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 80කට අධික පිරිසක් මරුට

උතුරු ඉන්දියාවේ ආගමික රැස්වීමකදී සිදුවූ අධික තෙරපීමකින් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එය සිදුවී ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රස් දිස්ත්‍රික්කයේ පැවැති හින්දු ආගමික උත්සවයකදී වන අතර, තෙරපීමට ලක්වීමෙන් තුවාල ලැබූ පිරිස 200කට ආසන්න බවත්…

සර්බි­යාවේ ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ල පොලිස් නිල­ධා­රි­ය­කුගේ ගෙලට ඊත­ල­ය­ක් විදලා.

සර්බි­යාවේ බෙල්ග්‍රේඩ් අග­නු­වර ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ලය ඉදි­රි­පිට දී නාඳු­නන පුද්ග­ල­යකු විසින් එල්ල කරනු ලැබූ ඊතල ප්‍රහා­ර­ය­කින් පොලිස් නිල­ධා­රි­යකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට අභ්‍ය­න්තර කට­යුතු පිළි­බඳ අමා­ත්‍ය­ව­රයා වාර්තා­ක­රු­වන්ට ප්‍රකාශ කර ඇත්තේ පසුව එම පොලිස් නිල­ධා­රියා විසින්ම තැබූ…

නයි­ජී­රි­යාවේ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර

උතුරු නයි­ජී­රි­යාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­මා­ලා­වක් එල්ල වීමෙන් පුද්ග­ල­යන් 18 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් 43 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විවාහ උත්ස­ව­යක්, අව­මං­ගල උත්ස­ව­යක් සහ රෝහ­ලක් ඉලක්ක කර­මින්…

ඉක්ව­දෝ­රය වීසා රහි­තව රටට ඇතු­ළු­වීම අත්හි­ටු­වයි

අක්‍ර­ම­වත් සහ නීති­වි­රෝධී අයු­රින් සංක්‍ර­ම­ණි­ක­යන්ගේ වර්ධ­න­යක් සිදු­වීම හේතු­වෙන් අද සිට චීන පුර­වැ­සි­යන්ට වීසා රහි­තව රටට ඇතු­ළු­වීමේ අව­ස්ථාව අත්හි­ටු­වන බව ඉක්ව­දෝ­රය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු අමෙ­රි­කාව, මධ්‍යම අමෙ­රි­කාව හා මෙක්සි­කෝව හරහා පා ගම­නින් දිගු සංචා­ර­යක යෙදෙ­මින් පසු­ගිය…

කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට බහු­ත­ර­යක් නෑ – ඉරාන ජනා­ධි­ප­ති­ව­ර­ණවය දෙවැනි වට­යට

ඉරා­නයේ හිටපු ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයිසි මාරා­න්තික හෙලි­කො­ප්ටර් අන­තු­ර­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වී­මෙන් පසු එරට පැවැති හදිසි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට බහු­තර ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගත නොහැ­කි­වීම හේතු­වෙන් දෙවැනි වටයේ ඡන්ද විම­සීම 5 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1979 ඉරාන විප්ල­ව­යෙන්…

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය බුෂ්රා බීබි තවදුරටත් බන්ධනාගාරයේ.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය බුෂ්රා බීබිගේ 2018 වසරේදී සිදුවූ විවාහය ඉස්ලාමීය නීතිය උල්ලංඝනය කළ බවට පසුගිය පෙබරවාරි මාසයේ දී ලබා දුන් තීන්දුව අත්හිටුවන ලෙසට කළ අභියාචනය පාකිස්තාන අධිකරණයක් ප්‍රතික්ෂේප කර තිබේ. පෙරේදා ඉස්ලාමාබාද් නුවර අධිකරණය විසින්…

විලියම් කුමරු ටේලර් ස්විෆ්ට් ගායිකාව හමුවෙයි !

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සිය දරුවන් සමඟ ඔහුගේ 42 වැනි උපන්දිනය වෙනුවෙන් ලෝක ප්‍රකට බටහිර ගී තරුවක් වන ටේලර් ස්විෆ්ට්ගේ ලන්ඩන් නුවර සංගීත ප්‍රසංගයත් නැරඹීමට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය සමඟ එක්ව එම…

ට්‍රම්ප් – බයිඩන් ජනපති විවාදය උණුසුම්

අමෙරිකා ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පැවැත්වෙන පළමු විවාදය අද ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලාන්ටා නගරයේ දී පැවැත්වුණි. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති ජෝ බයිඩන් අතර විවාදය උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ අතර එය CNN නාලිකාව හරහා සජීවීව විකාශය…

දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වහලයේ කොටසක් කඩා වැටී විශාල අනතුරක්

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (28) උදෑසන ඇති වූ අධික වර්ෂාව සමඟ ඇති වූ සුළං සහිත තත්ත්වය හේතුවෙන් මෙම කඩා වැටීම සිදු වී තිබෙන බව වාර්තා වෙයි.…

බොලීවියාවේ හමුදා කුමන්ත්‍රණය අවසන්, හමුදාපති තනතුරෙන් පහ කරයි.

බොලීවියාවේ ලා පාස් අගනුවර ජනාධිපති මන්දිරයට කඩා වදිමින් එරට හමුදාව රාජ්‍ය බලය අත්කර ගැනීමට සිදු කළ කුමන්ත්‍රණය අවසන් මොහොතේ වළක්වා ගැනීමට එරට ජනාධිපති ලුයිස් ආර්ස් සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බොලීවියාවේ හමුදාපති ජෙනරාල් ජුවාන් ජොස් අගනුවර බලය අත්කර…