Category Foreign

ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි

වත්මන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් (Career Diplomats) 30 දෙනෙකු පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රටවල් අවම වශයෙන් 29ක සේවය කරන තානාපතිවරුන්…

පුද්ගල ඝාතනයකට සම්බන්ධ පුද්ගලයින් 07ක් අත්අඩංගුවට

හින්දු ජාතිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනෙකු බංග්ලාදේශ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව පවසමින් ඇඟලුම්කම්හල් සේවකයෙකු වන 27 හැවිරිදි අදාල පුද්ගලයා පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඔහුගේ…

TikTok තහනම ඉවතට: චීන මව් සමාගම සිය කොටස් අලෙවි කිරීමට එකඟ වෙයි

වසර ගණනාවක් පුරා අමෙරිකානු රජය සහ TikTok සමාගම අතර පැවති නීතිමය සහ දේශපාලනික ගැටුම නිමා කරමින්, TikTok හි මව් සමාගම වන චීනයේ ByteDance සමාගම සිය අමෙරිකානු ව්‍යාපාරික මෙහෙයුම්වල බහුතර කොටස් අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය…

මෙසීගේ ඉන්දීය සංචාරයේ ගාස්තුව කෝටි 150ක්!

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ඉන්දියාවේ සිදුකළ ප්‍රවර්ධන සංචාරය වෙනුවෙන් ඔහුට ගෙවන ලද මුදල පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම සංචාරය වෙනුවෙන්…

සෑම හමුදා සොල්දාදුවෙකුටම ට්‍රම්ප්ගෙන් ඩොලර් 1,776ක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට හමුදා සේවා සාමාජිකයින් වෙත නත්තලට පෙර ‘රණශූර ලාභාංශයක්’ ගෙවන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇමරිකානු ඩොලර් 1,776 ක මුදලක් බැගින් එරට හමුදා සාමාජිකයින් මිලියන 1.45 කට මෙම මුදල ගෙවීමට නියමිතයි. මෙම ගෙවීම්වලට අදාළ චෙක්පත්…

ට්‍රම්ප්ගෙන් බීබී­සී­යට අප­හාස නඩු­වක්

වසර 2021 ජන­වා­රි­යේදී සිදු කළ කතා­වක් විකෘති කර වාර්තා­මය චිත්‍ර­ප­ට­යක් විකා­ශය කිරීම හේතු­වෙන් අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් බීබිසී මාධ්‍ය සමා­ග­මට එරෙ­හිව අප­හාස නඩු­වක් ගොනු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆ්ලොරීඩා ප්‍රාන්ත අධි­ක­ර­ණ­යේදී එම අප­හාස නඩුව ගොනු කළ අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා…

ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා මෙම ප්‍රදානය සිදු කරන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි ප්‍රකාශ කර…

හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, මේ වන විට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබාගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබා දීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසනවා. ඒ අනුව,…

ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සේවය යුද්ධ හමුදාධිපති ඇගයීමට

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ඇතිවූ ආපදා තත්ත්වයන්ට සහන සේවා වෛද්‍ය ආධාර ලබාදීම සඳහා ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සේවය අඟයමින් මෙරටට පැමිණි ඉන්දීය සහන සේවා වෛද්‍ය කණ්ඩායම ඇඟයීමට ලක්කිරීමේ වැඩසටහනක් ඊයේ (14) පනාගොඩ,…

ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන 15 ක් දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 15 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයින් 42 ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. පුද්ගලයින් 1,000 ක පමණ…