Category Foreign News

ජපානයේ වසන්තය ඇරඹෙයි

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සකුරා මල් පිපීමේ සමය ඊයේ (24) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙයි. ඒ ටෝකියෝ හී යසුකිනි සිද්ධස්ථානයේ ඇති සකුරා මල් සමය ආරම්භ වන බවට නිල වශයෙන් නිරීක්ෂණය කරන ශාකයේ මල් හට ගැනීමත් සමඟයි. මාර්තු මස අවසන්…

පළමුවරට කුරුලු උණ ආසාදිත බැටළුවෙක් එංගලන්තයේ

කුරුලු උණ ආසාදනය වූ බැටළුවකු පළමුවරට එංගලන්තයේදී හඳුනා ගත් බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බැටළු ගොවිපොළ දෛනික පරීක්ෂාවකදී එම බැටළුවා හඳුනාගෙන ඇති අතර, ඒ සමඟම කුරුලු උණ වසංගතය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන…

කළු මුහුදේ හමුදා ප්‍රහාර ඇමරිකාව මැදිහත් වී නතර කරයි

කළු මුහුද හරහා ගමන් ගන්නා වාණිජ නෞකාවලට ආරක්ෂාව සහතික කිරීමටත් කළු මුහුදේ සිදු කරන හමුදා ප්‍රහාර නැවැත්වීමටත් රුසියාව සහ යුක්රේනය එකඟ වී ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි. එමෙන්ම ඇමරිකාව සඳහන් කළේ යුක්රේනය සහ රුසියාව සමඟ ගිවිසුම්වලටද එළඹ ඇති බවයි. බලශක්ති…

SAMSUNG උප සභාපති දිවි සැරියට සමුදෙයි

 SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී  Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 63 හැවිරිදි වියේ පසු විය.

ලොවම සෞදි අරාබිය දෙසට යොමු කළ ලෝක නායක “මුහම්මද් බින් සල්මාන්”

ලෝකයේ ඕනෑම කෙනෙකුට තම රටේ ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය අපරාධ සහ දූෂණය තුරන් කර රටවැසියන්ට විශාල සේවයක් කරමින් තම රට දියුණුවේ මාවතට ගෙන යාමට අවශ්‍ය නම්, සෞදි අරාබියේ රජු සහ කුමරු වන මුහම්මද් බින් සල්මාන් එයට හොඳම නිදසුනකි. නව සෞදි රාජ්‍යයක් නිර්මාණය…

මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයන්ට ඉල්ලා ඉන්දියාවේ විරෝධතා

ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබේ. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ විහාරයේ පරිපාලනය සම්බන්ධව 1949 වසරේදී සකස් කළ නීති වෙනස් කළ යුතු බවයි. එම නීතිය යටතේ නව දෙනෙකුගෙන් යුතු මහා බෝධි විහාර…

අමෙරිකානු ඉන්දු-පැසිෆික් විධානයේ අණදෙන නිලධාරියා ශ්‍රී ලංකාවට

එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා මාර්තු 19-21 දිනවල කොළඹට පැමිණෙන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි. ඔහුගේ සංචාරය අතරතුර, අද්මිරාල් පපාරෝ, ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හමුදා නායකයින් සමඟ සම්බන්ධ…

බෙදුම්වාදීන් පැහැරගත් දුම්රිය මුදා ගැනීමේ මෙහෙයුම අවසන්

මගීහු 25ක් මරුට 300ක් බේරා ගත් බව ආරක්ෂක අංශ කියයි දෙදිනක් පුරා සිදු වූ වෙඩි හුවමාරුවකින් පසුව බලුකිස්තාන බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම විසින් පැහැරගනු ලැබූ දුම්රිය මුදා ගැනීමට පාකිස්තාන හමුදාව සමත්වූ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තාන ගුවන් හමුදාව…

ඉරාක‍යේ සහ සිරියාවේ “IS” ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ

ඉරාක‍යේ සහ සිරියාවේ “අයි එස්” ත්‍රස්තවාදි නායකයා ඝාතනය කළ බව, අමෙරිකා එක්සත් ජනපදය පවසයි. ඉරාක ජාතික බුද්ධි අංශය සහ අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී ඔහු ඝාතනයට ලක්වූ බව, ඉරාක අග්‍රාමාත්‍යවරයා ද තහවුරු කර…

උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් 51ක් මරුට

උතුරු මැසිඩෝනියාවේ සමාජශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 51 දෙනෙක් මියගොස් තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්න ඇතිවන අවස්ථවේදී එහි පුද්ගලයින් 1,500කට වැඩි පිරිසක් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ බව වාර්තා වේ. ප්‍රසංගය අතරතුර…