Category Foreign News

ගත්ත ගානට වැඩියෙන් මස්ක් X විකුණයි

එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා ඇත. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර ඇත. ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45ක්…

අගමැති මෝදිගේ ශ්‍රිලංකා සංචාරය ගැන නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය ගැන ඉන්දීයානු මහකොමසාරිස් කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එළඹෙන අප්‍රේල් 04 සිට 06 දක්වා මෝදී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇත. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි මහතා ජනාධිපති…

බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි

බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට නිල වශයෙන් එක්වීමට ඉන්දුනීසියානු රජය තීරණය කරයි. ඉන්දුනීසියානු ජනාධිපති Prabowo Subianto මහතා ඊයේ(25) බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවේ සභාපතිනි Dilma Rousseff මහත්මිය හමුවීමෙන් පසු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් හා…

ඔස්කාර් සම්මානලාභී පලස්තීන සිනමාකරු ඊශ්‍රායල හමුදාවෙන් පැහැරගනී

ඔස්කාර් සම්මානලාභී පලස්තින සිනමාකරු හම්ඩාන් බලාල් බටහිර ඉවුරේ සිය නිවෙසේ සිටියදී ඊශ්‍රායල හමුදාව විසින් පැහැරගෙන යනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඔස්කාර් සම්මාන උලෙළේදි හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ No Other Land චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයකු වන…

චීනයේ වෛද්‍යවරු ආරක්ෂාව ඉල්ලති

චීනයේ වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයන් රෝගීන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වාචිකව සහ ශාරිරීක ප්‍රචණ්ඩත්වයට ගොදුරුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට පළාත් 16ක රෝහල් 134ක් අධ්‍යයනය කිරීමෙන් පසු නිකුත් කළ වාර්තාවකට අනුව රෝහල් ප්‍රචණ්ඩත්වය 65.8%ක් බවට හෙළි වී ඇති අතර,…

සෙනසුරුගේ වළලු අතුරුදන් වෙලා

සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය මේ සතියේ දී පෘථිවියට නොපෙනී ගොස් ඇතැයි තාරකා විද්‍යාඥයින් අනාවරණය කර ඇත. සෑම වසර 13ක් හෝ 15ක් දක්වා වන කාලයකට වරක් මෙලෙස සෙනසුරු ග්‍රහයාගේ වළලු පෘථිවි දෘෂ්ඨි රේඛාවෙන් නොපෙනී යන බව සදහන් වේ.…

චීනයේ විදේශ සම්බාධක විරෝධී නීතියට අදාළ විධිවිධාන එළි දකියි

චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන එළි දැක්වේ. චීන අග්‍රාමාත්‍ය Li Qiang පසුගියදා රාජ්‍ය මණ්ඩල නියෝගයකට අත්සන් තබා එම විධිවිධාන ප්‍රකාශයට පත් කළේය. මෙම විධිවිධාන ප්‍රකාශයට පත් කළ දින සිට බලාත්මක වේ. එය රෙගුලාසි 22…

බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඇරඹේ

බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව අද(25) ආරම්භ විය. රටවල් හා කලාප 60කට වැඩි සංඛ්‍යාවකින් පැමිණි දෙස්-විදෙස් නියෝජිතයන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සමුළුවට එක්ව සිටිති. “ගෝලීය විපර්යාස හමුවේ ආසියාවට අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම” යන තේමාව යටතේ ඔවුන් ගැඹුරු ලෙස සාකච්ඡා…

ජපානයේ වසන්තය ඇරඹෙයි

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සකුරා මල් පිපීමේ සමය ඊයේ (24) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙයි. ඒ ටෝකියෝ හී යසුකිනි සිද්ධස්ථානයේ ඇති සකුරා මල් සමය ආරම්භ වන බවට නිල වශයෙන් නිරීක්ෂණය කරන ශාකයේ මල් හට ගැනීමත් සමඟයි. මාර්තු මස අවසන්…

පළමුවරට කුරුලු උණ ආසාදිත බැටළුවෙක් එංගලන්තයේ

කුරුලු උණ ආසාදනය වූ බැටළුවකු පළමුවරට එංගලන්තයේදී හඳුනා ගත් බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බැටළු ගොවිපොළ දෛනික පරීක්ෂාවකදී එම බැටළුවා හඳුනාගෙන ඇති අතර, ඒ සමඟම කුරුලු උණ වසංගතය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන…