News Editor

News Editor

පළමු රන්දෝලි පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 6.55ට යෙදෙන සුබ නැකතින් පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරෙනවා අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි

වෛද්‍ය­ව­රි­යක් ඝාත­න­යට ලක්වී­මෙන් ඉන්දි­යාව පුරා වෛද්‍ය වැඩ වර්ජ­න­යක්

ඉන්දි­යාවේ නැඟෙ­න­හිර බෙංගාල ප්‍රාන්ත­යේදී අභ්‍යා­ස­ලාභී වෛද්‍ය­ව­රි­යක දූෂ­ණය කර ඝාත­නය කිරිමේ සිදු­වී­මක් මුල් කර­මින් රෝහල් කාර්ය මණ්ඩ­ලයේ ආර­ක්ෂාව තහ­වුරු කරන ලෙස ඉල්ලා ලක්ෂ තුන­කට අධික වෛද්‍ය­වරු පිරි­සක් වැඩ වර්ජ­න­ය­කට එක් වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. කොල්කටා නුවර රෝහ­ලක සේවය කරන…

රනිල්-නාමල්-විජ­ය­දාස-දිලිත් නාම­යෝ­ජනා අත්සන් කරති

එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­ප­ත්වීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නාමයෝජනා පත්‍ර­යට අත්සන් තැබීම කොළඹ මල් පාරේ පිහිටි සිය දේශ­පා­ලන කාර්යා­ල­යේදී ඊයේ (14) සිදු කෙරිණි.මේ අව­ස්ථා­වට අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, ඇමැ­ති­ව­රුන් වන නිමල් සිර්පාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, අලි සබ්රි, කංචන විජේ­සේ­කර,…

නාමයෝජනා දෙද්දී සියලු අපේ­ක්ෂ­ක­යන් වත්කම් බැර­කම් ප්‍රකාශ දිය යුතුයි අල්ලස් කොමි­සම කියයි

දූෂණ විරෝධී පනතේ 89 වැනි වග­න්තිය පරිදි සියලු මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් තම නාම­යෝ­ජනා පත්‍ර භාර දෙන අව­ස්ථා­වේදී තමන්ගේ වත්කම් හා බැර­කම් ප්‍රකා­ශ­යන් ද මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා වෙත භාර­දිය යුතු බව අල්ලස් කොමි­සම නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි. පනතේ 82 (2) ව්‍යති­රේ­ඛය ප්‍රකා­රව,…

පාසල් දෙවැනි වාර නිවා­ඩුව හෙට

රජයේ පාසල් හා රජයේ අනු­මත පෞද්ග­ලික සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (16) අව­සන් කරන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි. තෙවැනි පාසල් වාරයේ පළමු අදි­යර මෙම මස 26 වැනිදා ආරම්භ කරන බව ද අමා­ත්‍යාං­ශය ප්‍රකාශ…

තැපැල් ඡන්ද දැමීම සැප්. 4-5-6 දින­වල බැරි­වුණු අයට 11-12 දින­වල

2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදාළ තැපැල් ඡන්ද ප්‍රකා­ශ­යට පත් කරන දින මැති­ව­රණ කොමි­සම මඟින් ඊයේ (14) ප්‍රකා­ශ­යට පත්ක­රනු ලැබීය. ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑ­ලට භාර දීම ලබන 26 වැනිදා සිදු කරයි. තැපැල් ඡන්ද සල­කුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල,…

ආපදා තත්ත්ව­ය­කදීත් ඡන්දයට බාධාවක් නෑ

ජනා­ධි­ප­ති­ව­රණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්ව­ය­කදී ඊට මුහුණ දෙමින් ඡන්ද බලය හිමි සියලු පුර­වැ­සි­යන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයි­තිය තහ­වුරු කිරීම සඳහා විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය පිය­වර ආපදා කළ­ම­නා­ක­රණ බල­ධා­රීන් දැන­ට­මත් ගෙන ඇත. ඉදිරි…

දඹානේ ආදි­වා­සී­න්ගෙන් ශ්‍රී දළදා සමි­ඳුන්ට පිදෙන මී පැණි පූජාව අද

ශ්‍රී දළදා සමි­ඳුන් උදෙසා දඹානේ ආදි­වා­සීන් විසින් වාර්ෂි­කව පව­ත්වනු ලබන මී පැණි පූජාව අද (15) පෙර­ව­රු­වේදී පැවැ­ත්වෙයි. මී පැණි පූජාව සෑම වස­ර­කම පළමු රන්දෝලි පෙර­හර දින පැවැ­ත්වෙන අතර, ඒ සඳහා වැදි­නා­යක ඌරු­ව­රිගේ වන්නි­ය­ලෑ­ත්තන් ප්‍රමුඛ හත­ළිස් දෙන­කු­ගෙන් පමණ සම­න්විත ආදි­වා­සීහු පිරි­සක් …

වෙනිසියුලාවේ ජනපතිවරණ ප්‍රතිඵල එක්සත් ජාතීන්ගේ විවේචනයට

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මූලික විනිවිදභාවය සහ අඛණ්ඩතාවය උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමක් පවසනවා. එම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සැලකිය නොහැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. සවිස්තරාත්මක ඡන්ද ගණන් කිරීම් ප්‍රකාශයට පත් නොකර වත්මන් නිකොලස් මදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්…

2024 ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා ඒ අනුව පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදු කිරීමට නියමිතයි එමෙන්ම එහිදී නාමයෝජනාවක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත්…