News Editor

News Editor

2024දී ජීවිත 198ක් බස් රියැදුරන් බිලි අරන්

2024 වසරේ බස් අනතුරුවලින් මගීන් සහ පදිකයන් 198ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇත. ඒ වසරේදී මගී ප්‍රවාහන බස් අනතුරු සංඛ්‍යාව 2005කි. ඉන් ලංගම බස් අනතුරු සංඛ්‍යාව 515ක් වන අතර, පෞද්ගලික බස් අනතුරු සංඛ්‍යාව 1490කි.…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන  බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු…

පාර්ලිමේන්තුව කැලණියේ මහා ශිෂ්‍ය සංගමය නොවෙයි-මන්ත්‍රී දිලිත් ජයවීර

ජනතාවගේ සිහින මරා දැමීම හැර එම සිහිනවලට පණදීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැති බව සර්වජන බලය පක්ෂයේ පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයක් ඇතුළු නියමයන් හා නියෝග කිහිපයක් සම්බන්ධයෙන් පැවති…

ජනතා පොරොන්දු ඉටු කිරීමට නොහැකි වන විට මාධ්‍යයට චෝදනා කිරීම සුදුසු නැහැ-මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මැතිවරණ කාලයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට නොහැකි වන විටදී මාධ්‍යයට චෝදනා එල්ල කිරීම වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය. පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. මැතිවරණ කාලයේ…

දකුණු කොරියානු ජනපතිගේ රඳවා තබා ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

දෝෂාභියෝගයකින් පරාජයට පත්වී බලතල අහිමිවූ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමේ වරෙන්තුව දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එරට අධිකරණයකින් නිකුත් කරනු ලැබූ රඳවා තබාගැනීමේ වරෙන්තුවට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිය එරට…

කැලිෆෝනියාවේ ළැව් ගින්නෙන් අක්කර දසදහසක් විනාශයි-හොලිවුඩ් පුරයටත් පැතිරෙයි

අමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවරට බලපා ඇති ළැව් ගිනි තත්ත්වය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අධික සුළං සමඟ වේගයෙන් පැතිරී යන ළැව් ගින්න හොලිවුඩ් පුරවරයටත් පැතිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ළැව් ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 5…

එංගලන්තයේ ළමා අපයෝජනය එලෝන් මස්ක්ගේ ප්‍රකාශයෙන් යළි ඇවිස්සෙයි

මීට දශකයකට පමණ පෙර ලොව පුරා දැඩි අවධානයට ලක්වූ එංගලන්තයේ බාලවයස්කාර දැරියන් 1,400කට වැඩි සංඛ්‍යාවක් දූෂණය කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම යළි සිහිපත් කරමින් වින්දිතයන්ට මෙතෙක් සාධාරණය ඉටු වී නැති බවට අමෙරිකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් සිය එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහන්…

ටිබෙට් භූ කම්පනයෙන් දලයිලාමා දුක්වෙයි

චීනයට අයත් ටිබෙට් කලාපයේ ෂීසැං පළාතේ සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් ජීවිත අහිමිවූවන් පිළිබඳ දලයිලාමා හිමියෝ අතිශය කනගාටුවට පත්වූ බවත්, තුවාල ලැබූ පුද්ගලයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එවරස්ට් කන්දට කිලෝමීටර් 80ක පමණ දුරින් එම භූ කම්පනයෙන් පුද්ගලයන්…

ඉන්දියාවෙන් මාලදිවයිනට රුපියල් කෝටි 35ක ආරක්ෂක උපකරණ

ඉන්දීය රජයෙන් මාලදිවයිනට ආරක්ෂක උපකරණ සහ ගබඩා සංකීර්ණ පහසුකම් පිරිනමා ඇතැයි ද, එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 35කට ආසන්න බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මාලදිවයින් ආරක්ෂක ඇමැති ගසාන් මහමූද්ගේ ඉන්දීය සංචාරය අතරතුර එම ආරක්ෂක උපකරණ පිරිනැමීම සිදුවූ බව ද…