News Editor

News Editor

හිටපු ජනපති රනිල් ගත් තීරණය මෙන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කර සිටියි. අද (24) එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව සඳහන් කළේය එසේම මේ වන විට එජාපය සතුව…

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි: අගමැති – හරිනි අමරසූරිය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයේ හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම් දී ඇති බව සඳහන්. මීට අමතරව ලක්ෂ්මන් නිපුනආරච්චි සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුව ඉන්දීය බොලිවුඩ් සිනමාවට

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක්වන ඩේවිඩ් වෝනර් ඉන්දියානු චිත්‍රපටයක ත්‍රාසජනක භූමිකාවක් රඟ දැක්වීමට සූදානම්වන පුවතක් වාර්තා වේ. එම චිත්‍රපටය PUSHPA 2 විය යුතු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වන PUSHPA 2 චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් අදියරට පැමිණෙමින්…

ඊශ්‍රායලය ලෙබනනයට බෝම්බ හෙළයි

දහස් සංඛ්‍යාත වැසියෝ හිස් ලූ ලූ අත පලා යති තුවාල ලැබුවෝ අටසියය පනී ලෙබනනය කේන්ද්‍ර කරගත් හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව ඊයේ පස්වරුවේ සිට එල්ල කරන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් දෙසියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

ජපානයේ ඉසු දූපත්වල ප්‍රභල භූකම්පනයක්

අද (24) ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සුනාමි උපදේශන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැතිසබය අද මධ්‍යම රාත්‍රියේදී විසුරුවයි?

පාර්ලිමේන්තුව අද (24) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (24) මධ්‍යම රාත්‍රී 12 ට පෙර නිකුත් කෙරෙණු ඇති බව සඳහන්.

නව රජයේ අගමැති හා කැබිනට් මණ්ඩලය අද පත්කරන ලකුණු

නව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීම අද (24) පෙරවරුවේ සිදුකිරීමට නියමිතයි. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව රජයේ අගමැතිණිය ලෙස පත්වීමට නියමිත බව සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද නව කැබිනට් මණ්ඩලයට පත්කිරීමට නියමිත අතර ඒ…

අගරදගුරු හමුවූ නව ජනපති

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බව සඳහන්. එහිදී කාදිනල්…

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි ව්‍යවස්ථාව සහ 157 අ ව්‍යවස්ථාවේ (7) වැනි…

කොටස් වෙළෙඳපළ ඉහළ යයි

ජනාධිපතිවරණයෙන් දිනකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) දිනයේ ඉහළ යාමක් වාර්තා කර තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (23) දිනයේ ඉහළ යන විට සියලුම කොටස මිල දර්ශකය ඒකක 130.30 කින් ඉහළ ගොස් ඒකක 11,096.81 ක් සටහන්…