News Editor

News Editor

දහම් පාසල්වලට බාධා වෙන විදිහට පාසල් වැඩ දාගන්න එපා – බුද්ධශාසනේ අධ්‍යාපනේට ලියයි

දහම් පාසල් කටයුතුවලට බාධා එල්ල විය හැකි බැවින් ඉරිදා දිනවල විවිධ වැඩසටහන් සංවිධාන නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී තිබේ. පාසල් සිසුන්ට දහම් පාසල් ක්‍රියාකාරකම් සඳහා සහභාගි කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික…

පොලොන්නරුවේ සහල් මෝල් 10කින් වී කිලෝ කෝටියකට වැඩිය වෙළෙඳපොළට නිදහස් කළා-ඇමැති වසන්ත සමරසිංහ

පොලොන්නරුවේ සහල් මෝල් 10කින් පමණක් වී කිලෝ කෝටියකට වැඩි ප්‍රමාණයක සහල් ගෙවී ගිය දින 10 තුළ පමණක් වෙළෙඳපොළට නිදහස් කිරීමට කටයුතු කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවැසීය. සතොස හරහා පසුගිය දින 10…

ජර්මානු තානාපති ඇමැති හර්ෂණ හමු වෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නිවුමාන් (Felix Neumann) මහතා ප්‍රමුඛ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් හා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් පසුගියදා (20) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි. මේ අවස්ථාවට ජර්මානු තානාපති කාර්යාලයේ සහ අධිකරණ…

අධ්‍යාපන අභියෝග ජය ගන්න ADB දායකත්වය

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ තකෆුමි කදොනො (Takafumi Kadono) මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී…

ජනපතිට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගේ ආශීර්වාදය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (20) මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලැබූයේ මේ අයුරිනි. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර, වත්මන් දේශපාලන…

වැස්ස තරමක් අඩු වෙයි

දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, සහ…

හැඳුනුම්පත ළඟ නොතිබුණැයි ජැක්සන්ගේ බෑනා අත්අඩංගුවට අරන්-අතුරුගිරිය පොලිසියේ තුනකට ස්ථාන මාරු

සිවිල් ඇඳුමින් සැරසුණු අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. නි‍ෙවස ආසන්නයේ ඇති වෙළඳසලකට ගොස්…

හැටන් මාරක අනතුරේ රියැදුරා බසය පැදෙව්වේ තනි අතින් / දුරකතනයත් කනේ ගහන්-බසයේ CCTV දත්ත මකා දාලා

රියැදුරු අසුනට යාබදව ඇති පැති දොර එකවරම විවෘත වීම හේතුවෙන් එය වැසීමට රියැදුරු උත්සාහ ගන්නා විට වේගයෙන් ධාවනය වෙමින් තිබුණු හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ…

බස්නාහිර පාසල් ගුරුවරුන්ට තහංචියක්

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තම පාසලේ සිසුන් සදහා පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම්…

හාල් ඉඩෝරය ඉවරයි

මෙරට කෘත්‍රිම ලෙස ඇති කරන ලද සහල් හිඟයට පිළියමක් ලෙසින් රජය විසින් සහල් ආනයනයට අවකාශ සැලසීමෙන් පසු පිටකොටුව තොග වෙළෙඳපොළට ලැබුණු ප්‍රථම ආනයනික සහල් තොගය පසුගිය බදාදා ගෙන එන ලදි. මෙම සහල් තොග කන්ටේනර් වශයෙන් කොළඹ පස්වෙනි හරස් වීදියට රැගෙන…