News Editor

News Editor

අද සිට දිවයින පුරා බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කෙරේ

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇතී බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ජාතික බදු සතියට සමගාමීව ‘බදු ශක්ති’ නමින් මෙම වැඩසටහන ලබන 08 වැනිදා දක්වා…

පියසේන ගමගේ අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පියසේන ගමගේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව හිටපු අමාත්‍යවරයා මෙලෙස අල්ලස්…

විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම අද

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම අද (03) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ…

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද (03) ආරම්භ වුණා. එරට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295කදී ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට දකුණු කොරියානු ජනතාවට හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවර ජනාධිපතිවරණයේ ඉදිරිපෙළ තරගකරුවන් වන්නේ කොරියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලී ජේ-මියුන්ග් සහ පාලක කොන්සර්වේටිව්…

2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි

2025 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වන දිනයන් සහ ස්ථාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, එම තරගාවලිය සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 02 දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ…

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට පැමිණෙයි

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා. ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. ඔවුන් පිළිගැනීම සඳහා මහජන…

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

දකුණු පළාතේ සිදුවූ අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට අවශ්‍යව සිටින සැකකරුවන් දෙදෙනෙකුගේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඡායාරූප දෙකක් පොලිස් මූලස්ථානය ඊයේ (02) මාධ්‍යයට නිකුත් කළේය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මෙසේ AI…

දේශබන්දුට එරෙහි විමර්ශන කොමිසම අද රැස්වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ ලෙස අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කමිටුව අද (03) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

ඉන්දියාවේ ජල ගැලීම්වලින් 34ක් මිය යයි

පසුගිය දින හතර තුළ ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ ඇති වූ දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එසේම ජල ගැලීම් පවතින ප්‍රදේශවල සිරවී සිටි පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් බේරා ගැනීම සදහා එරට හමුදා ගලවා ගැනීමේ කණ්ඩායම්…