News Editor

News Editor

බැසිල් දිවයිනෙන් පිටවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලි­බෝල් ක්‍රීඩි­කා­වන්ට තවත් ජයක්

මධ්‍යම ආසි­යානු කාන්තා ක්‍රීඩා සමාජ වොලි­බෝල් තර­ගා­ව­ලියේ සිය දෙවැනි ජය­ග්‍ර­හණ වාර්තා කිරී­මට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩි­කාවෝ ඊයේ සමත් වූහ. තර­ගා­ව­ලියේ මූලික වටය යටතේ ටජි­කි­ස්තා­නයේ ඩය­මන්ඩ් වොලි­බෝල් ක්‍රීඩා සමා­ජය සමඟ පැවති තර­ගයේ පළමු වටය 25-11ක් ලෙස පහ­සු­වෙන් ජය­ගත් ශ්‍රී ලංකා…

ශ්‍රී ලංකා­වට වඩා පළමු ඉනිමේ ලකුණු 50කින් පිටු­පස සිටින නව­සී­ල­න්තය සෙමින් ගම­නක් යයි

සංචා­රක නව­සී­ලන්ත පිල සමඟ ගාල්ලේ පැවැ­ත්වෙන පළමු ටෙස්ට් තර­ග­යේදී ශ්‍රී ලංකාව මුල් ඉනි­මට රැස් කළ ලකුණු 305ට පිළි­තුරු ලෙස නව­සී­ලන්ත පිල දෙවැනි දිනය නිමා­වෙද්දී කඩුලු 4කට ලකුණු 255ක් ලබා පළමු ඉනිමේ කඩුලු 6ක් අතැ­තිව තවත් ලකුණු 50ක් පසු­ප­සින් සිටී. නව­සී­ලන්ත…

දුලිප් සම­ර­වී­රට ඔස්ට්‍රේ­ලි­යාවේ ක්‍රිකට් තහ­නම් කරයි

ඔස්ට්‍රේ­ලි­යාවේ වික්ටෝ­රියා ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩි­කා­ව­කට අයුතු ලිංගික හැසි­රී­ම­කට බල­පෑම් කළ බවට චෝදනා තහ­වුරු වීමෙන් එම කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස පත්වී සිටි ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක 52 හැවි­රිදි දුලිප් සම­ර­වී­රට මින්මතු කිසිදු අයු­ර­කින් එරට ඕනෑම ආකා­රයේ ක්‍රිකට් ව්‍යුහ­ය­කට…

ඩකා නුවර විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය ගැටු­මෙන් සිසු­වකු මරුට-ප්‍රති­වාදී පිලේ සිසුන් 3ක් අත්අ­ඩං­ගුවේ

බංග්ලා­දේ­ශයේ ඩකා අග­නු­වර විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය ගැටු­ම­කින් එක් සිසු­වකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම සිසුවා මිය­ගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී එම විශ්ව­වි­ද්‍යා­ලයේ දේශන ශාලා­වක් තුළ සිදුවූ පහ­ර­දී­ම­කින් බවත්, ඝාත­න­යට සැකපිට තවත් සර­සවි සිසුන් තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි එරට මාධ්‍ය…

මහා­චා­ර්ය­ව­රි­යන් දෙදෙ­නකු ඉවත් කර­න්නැයි ඉල්ලා බංග්ලා­දේශ සර­සවි සිසුන් විරෝ­ධ­තා­වක

බංග්ලා­දේ­ශයේ රාජ්ෂාහි විශ්ව­වි­ද්‍යා­ලයේ මනෝ­වෛද්‍ය පීඨයේ මහා­චා­ර්යව­රි­යන් දෙදෙ­නකු සේව­යෙන් ඉවත් කරන ලෙස ඉල්ලා  සිසුන් පිරි­සක් ඊයේ එම විශ්ව­වි­ද්‍යා­ලය ඉදි­රි­පිට විරෝ­ධ­තා­වක නිරත වූ බව බංග්ලා­දේ­ශයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළේය. රාජ්ෂාහි විශ්ව­වි­ද්‍යා­ලය ඉදි­රි­පි­ටින් විරෝ­ධ­තාව ආරම්භ කළ සිසුන් පසුව පාග­ම­නින් මනෝ­වෛද්‍ය පීඨය…

මැති­ව­ර­ණ­යක් ඉල්ලා බංග්ලා­දේ­ශයේ විප­ක්ෂය වීදි බසී-රට පුරා විරෝ­ධතා පව­ත්වන බවට අන­තුරු අඟ­වයි

අන්ත­ර්වාර රජය බල­යට පත්වී මාස­ය­කට අධික කාල­යක් ගත­වූ­වද, මෙතෙක් මහ­මැ­ති­ව­රණ පිළි­බඳ කිසිදු ප්‍රකා­ශ­යක් නිකුත් කිරී­මට අස­ම­ත්වීම අභි­යෝ­ග­යට ලක් කර­මින් බංග්ලා­දේශ ජාති­ක­වාදී පක්ෂය ඩකා අග­නු­වර දැවැන්ත විරෝ­ධ­තා­වක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. වහාම ක්‍රියා­ත්මක වන පරිදි මහ­මැ­ති­ව­ර­ණ­යක් කැඳවා රටේ…

දෙහිවල සිදුවූ වෙඩි තැබීම

දෙහිවල කඩවත පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කළුබෝවල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වෙඩි තැබීම පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බව සඳහන්.

සිය වරම පාවිච්චි කරන ජනපතිවරණය හෙට

09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට (21) දින පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421 දී ජනතාවට තම නායකයා තෝරා පත්කරගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව සැලසෙන බව…

ප්‍රදේශ කිහිපයකට වැස්ස

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දින විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ…