News Editor

News Editor

හජ් වන්දනාවට ගිය පකිස්ථානුවන් 18 දෙනෙකු මියයයි

සෞදි අරාබියට පැමිණ හජ් වන්දනාවේ යෙදී සිටිය දී පාකිස්ථාන වන්දනාකරුවන් 18 දෙනෙකු මියගොස් ඇතැයි එරට ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.  පාකිස්ථාන මාධ්‍ය වාර්තා අනුව මියගිය පුද්ගලයින් අතර පිරිමින් 10 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු වන බවයි දැක්වෙන්නේ.  මියගිය සියලු පුද්ගලයින්…

පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් තෝරා ගැනීම මාර්ගෝපදේශවලට පටහැනියි – විපක්ෂ නායක

පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් වූ නිසි මාර්ගෝපදේශවලට පටහැනිව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.  විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.

කොළඹ සහ යාපනය අතර අභ්‍යන්තර ඍජු ගුවන් ගමන් සදහා අවසර

කොළඹ , රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා  ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්  දේශීය වානිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සදහා වූ…

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර ඇති බව පොලීසිය පවසනවා. තහනම් කළ එම වත්කම් අතරට ඉඩම්, නිවාස, හෝටල්, වෙළෙඳසැල්, රථවාහන මෙන්ම බැංකු ගිණුම් ද අයත් වන බවයි පොලීසිය සඳහන් කළේ. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප…

සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කරනවා – කොළඹ පුරපතිනිය

අද දවසේ තමා ලැබූ ජයග්‍රහණය ගැන ඉතා සතුටු වන බවත්, ජනතාව අතට බලය ලැබීම ගැන අවංකව සතුටු වන බවත් කොළඹ නව පුරපතිනිය බවට පත්වූ ව්‍රායි කැලී බල්තසාර් පවසනවා. සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ…

2009 වසරට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නෑ – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

2009 වසරට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව 2009 වසරට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට යන බව කියන සිරස්තලය ඔස්සේ ප්‍රවෘත්ති පළ වුවද, ඒ…

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ල විභාගයට ගැනේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා. යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…

Air India ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් නිසා නැවත හරවයි

හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ Air India ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. Air India ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක් මෙලෙස හරවා ඇති අතර…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ දක්වා ඉරානයේ 224 ක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුනා. * ඊශ්‍රායලය සහ ඉරානය අතර මාරාන්තික ප්‍රහාර ඊයේ (15) රාත්‍රිය පුරාවට පැවතුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. * බටහිර සහ…

ජනපති හා IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිිිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අතර හමුවක් අද (16) සිදුවුණා. ඒ අනුව අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. නව ආයෝජන…