News Editor

News Editor

ජනපති සමාව දුන් ලැයිස්තුවේ අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගත වූ පුද්ගලයාගේ නම නැහැ – PMD

2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය…

වරාය පිවිසුම් අධිවේගී මාර්ගය 2026 මාර්තු මාසයේදී විවෘත කරනවා – ප්‍රසන්න ගුණසේන

වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වැඩකටයුතු 2026 වසරේ මාර්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඊයේ (06) එම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී නියෝජ්‍ය…

වසරේ මුල් මාස පහේ විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 03 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙස සඳහන් වනවා. ඒ අනුව 2025 වසරේ මුල් මාස 05 තුළ දී මෙරටට ලැබුණු…

පොසොන් පොහොය වෙනුවෙන් ලියාපදිංචි දන්සැල් 4,125ක්

පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සැල් 4,125ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. ලබන සඳුදා දින පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු…

පාකිස්තානයේ 17 හැවිරිදි ටික්ටොක් තරුව වෙඩි තබා ඝාතනය කරයි

පාකිස්තානයේ ටික්ටොක් සමාජ මාධ්‍යජාලයේ අතිශය ජනප්‍රිය තරුවක් වන 17 හැවිරිදි සානා යූසුෆ් වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇගේ නිවෙසේදි එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, සැකකරු 22 හැවිරිදි තරුණයකු බවත්, ඔහු…

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන…

පොසොන් සතිය අදින් ඇරඹෙයි

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි. ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර දක්වා වන දුම්රිය සංඥා පද්ධතිය අද හා හෙට විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, පානදුර සිට මොරටුව දක්වා කොටස පරීක්ෂා කළ බවත්, එය ආරක්ෂිත බවට දුම්රිය සංඥා නිලධාරීන් සහතිකයක් ලබා…

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද උදෑසන 8.00 ට අවසන්

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබුණු වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ. එම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන්…

හජ් උත්සවය අදයි

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරනු ලබනවා. නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව,  මුස්ලිම් ප්‍රජාව විසින් සමගිය හා සාමුහිකත්වය පෙරදැරිව මෙම ඊද්-උල්-අල්හා හෙවත් හජ් උත්සවය සමරනවා. ඉස්ලාමීය දින දර්ශනයට අනුව ‘දුල් හිජ්ජා’ මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙන…