News Editor

News Editor

ට්‍රම්ප්​ගේ FBI නව අධ්‍යක්ෂ ධුරය ඉන්දියානුවෙක්ට

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් FBI හි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ නිලධාරි කාෂ් පටෙල් නම් කර තිබේ. ට්‍රම්ප්ගේ සමීපතමයෙකු කාෂ් පටෙල් එරට නීතිඥයෙක් ව​න අතර, ඔහු මේවන විට ට්‍රම්ප්ගේ යෝජිත නීතිපති පාම් බොන්ඩි…

චීනයට ලොකේ ලොකුම ඉල්ලම පහළ වෙයි

ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබේ. රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර ඇති මෙම විශාල රන් නිධිය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බවත් හුනාන් පළාතේ භූ විද්‍යා…

ජේ ෂා ICC ලොකු පුටුවේ වැඩ අරඹයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා අද (01) සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙයි ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට නිතරගයෙන් තේරී පත් වුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි. කෙසේවෙතත් මීට පෙර ග්‍රෙග් බාර්ක්ලේ එම තනතුරේ කටයුතු කර ඇත. ජේෂා…

අගමැතිනිය සුපර්මාර්කට් යයි

අග්‍රාමාතළු ආචාර්ය හරිනි අමරසූරිය සුපිරි වෙළඳ සැලකට ගොස් භාණ්ඩ ලබාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාල වල හුවමාරු වේ. ඒ සඳහා ඇය සමඟ පිරිවරාගත් ආරක්ෂකයෙක් එක්ව නැති අය අතර රාක්ක ගානේ ගොස් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ තෝරා ගන්නා ආකරය ඡායාරූපයේ දැක්වේ.

මොරටුවේ වෛද්‍ය සිසුන්ගේ මහාචාර්ය පුහුණුවට විසඳුමක් දෙයි

 මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සදහා මහාචාර්ය පුහුණුව ලබා දීමට නිසි පහසුකම් හා අවශ්‍ය සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමත්, මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කාර්යක්ෂම රෝහලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදවත් සෞඛ්‍ය හා…

ආනයනික ලොකු ළුෑණූ වෙළඳ බද්ධ අඩු කෙරේ

ආනයනික ලොකු ළුෑණූ කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් පැවැති ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 30ක වෙළඳ භාණ්ඩ රුපියල් 10ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර…

උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම්

උදාවී ඇති දෙසැම්බර් උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොළ තුළදී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අද (01) සිට ජනවාරි 15 වැනි දින දක්වා සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතව…

ඉන්ධන ගාස්තු සංශෝධනයත් සමඟ බස් ගාස්තුවට මොකද වෙන්නෙ

ඉන්ධන මිළ සංශෝධනය වුවද බස්රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගෙ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කර සිටියේ පෞද්ගලික බස්රථ ගාස්තු වල ද කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි. මේ අතර…

ලෝක ඒඩ්ස් දිනය අදයි – මෙවර භය හිතෙන අනාවරණ ගණනාවක්

ලෝක ඒඩ්ස් දිනය (01) අදයි. “ අයිතිය සුරකිමු – ඒඩ්ස් නවතමු “ යන්න මෙවර තේමාව කර ගනිමින් අද ඒඩ්ස් දිනය සමරනු ලැබේ. නව එඩ්ස් රෝගීන්ගේ සීග්‍ර වැඩිවිමක් මේ වන විට දක්නට ලැබෙන අතර වසර 2020 සිට 2022 දක්වා කාලය තුළ…

මුඛ ආවරණ පළදින්නැයි උපදෙ​ස් – ප්‍රධාන නගර 12ක වාතය දූෂිත වෙයි

පවතින කාලගුණික තත්ත්වය ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය තරමක් අහිතකර මට්ටම් කරා ළඟා වීමට හේතු වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. ඊ​යේ (30) රාත්‍රි 9.00 පමණ වනවිට දිවයින වටා නගර සහ ප්‍රදේශ 12ක පමණ වායු ගුණත්ව තත්ත්වය…