News Editor

News Editor

හෙට පැය 14 ක ජල කප්පාදුවක්

(27) ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට සවස 5.00 සිට ඉරිදා (28) උදෑසන 7.00 දක්වා කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස සහ මොරටුව නගර සභා…

මිනිස් සිරුරට සමාන එළු පැටියෙක් බිහි වෙයි

දෙනියාය ,විහාරහේන, සෙල්වකන්ද නිවසක ඇතිකරන එලිච්චියක විසින් (26) වෙනි දින අළුයම 4.00 ට පමණ මිනිස් සිරුරකට සමාන පැටියෙක් බිහිකර ඇත. පැටියා බිහිවී පැය භාගයකට පමණ පසුව පැටියා මියගිය බව නිවැසියන් පවසයි. සෙල්වකන්ද හී පදිංචි අසන්තකුමාර් නැමැති අය විසින් ඇති කරන…

සංචාරය කරන්න හොඳම රටවල්වලින් ශ්‍රී ලංකාවට සුපිරි තැනක්

කිසියම් සංචාරකයෙකු සිය ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කර තිබේ. සියෝ වර්ල්ඩ් සඟරාව (CEOWORLD Magazine) විසින් 2024 වසරට අදාළව මෙම රටවල් නම් කිරීම සිදු කර ඇත. සංචාරය කළ යුතු හොඳම රටවල් 67ක් මෙහිදී…

යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වී සෙබළෙක් මරු​ට

(26) අලුයම් කාලයේදී මාන්කුලම වසන්තනගර් හංදිය අසලදී යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රථයක් අනතුරට පත්වී තිබෙනවා. ඒ අනුව අනතුරින් එක් සෙබළෙක් මියගොස් තවත් යුද හමුදා සෙබළුන් 09 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව…

ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ. එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක…

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි. ඒ අනුව කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි. ඊයේ හා පෙරේදා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කර තිබුණා.

අනුර කුමාර දිසානායක ස්වීඩනයේ සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (25) රාත්‍රි​යේ ස්වීඩනය බලා පිටව ගොස් තිබෙනවා. මෙම සංචාරයේදී ඔහු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජනහමුවකට සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවයි ජාතික ජන බලවේගය පැවසුවේ. ජන හමුව (27) ස්වීඩනයේ Nacka Aula…

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිහිපයක් ජනපතිට භාර දෙයි

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…

RCB vs SRH : Royal Challengers Bengaluru කණ්ඩායමට ලකුණු 35 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගය ලෙස ඊයේ (25) Royal Challengers Bengaluru කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර තරගය පැවත් වුණා. එහිදී එම තරගය ලකුණු 35 කින් ජය ගැනීමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත් වුණේ සිය දෙවන ජයග්‍රහණය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ…