News Editor

News Editor

ලංගමට මිලියන 1,300ක ආදායමක්

පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති අතර එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බව ජාතික ගමනාගමන මණ්ඩලයේ කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි. එසේම සිංහල…

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර

මෙරට ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් වසර 16 කට පසුව පැවැත්වෙන සිරි දළදා වන්දනාව  ඊයේ (18) දින ආරම්භ විය. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්හට අවශ්‍ය පහසුකම් සැපයිමට ශ්‍රි ලංකා…

දෙවන දිනටත් සිරි දළදා වන්දාවට මහ සෙනඟක්

‘සිරි දළදා වන්දනාව’ දෙවන දිනටත් අද (19) දහවල් 12ට ආරම්ණ කෙරුණි. ඒ අනුව අද පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවේ. අද දිනයේ ද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා  අතිවිශාල සැදැහැවතුන් සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ…

ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී අද (19) පවත්වා තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැද ඇති බවයි. මෙහිදී සැතපුම් 13 ක දුරක් මැරතන් ධාවනය පවත්වා ඇති බවත්…

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ආරක්ෂාවට ගුවන් නිරීක්ෂණත්

සිරි දළදා ප්‍රදර්ශනය වන්දනා කිරීමට මහනුවරට පැමිණ සිටින ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සඳහන් කළේ ඊට අමතරව ගුවන් හමුදාව මඟින් ගුවන් නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අතර…

බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

බෙරගල – වැල්ලවාය අතර විහාරගල ප්‍රදේශයේ (184km) නාය යෑමක් සිදුව තිබේ. ඊයේ (18)රාත්‍රියේ පැවති අයහපත් කාලගුණයත් සමග මාර්ගයට ඉහළින් ඇති පස් කන්දක් විශාල ගස් සමග මාර්ගයට කඩා වැටීම හේතුවෙන් රථවාහන ගමන් කළ නොහැකි ලෙස සම්පුර්ණයෙන්ම අවහිර වී තිබුණි. අද උදෑසන…

ත්‍රිභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාදයේ ලිපි යුනෙස්කෝවේ ලෝක ලේඛනයට

මෙරට ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන එකතුවක් ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක් කර ඇතැයි යුනෙස්කෝව නිවේදනය කර තිබේ. චීනය සහ ශ්‍රී ලංකාව එක්ව ඉදිරිපත් කරන ලද ත්‍රෛභාෂා ශිලා ලිපිය චීන, පර්සියානු සහ දෙමළ සෙල්ලිපි සහිත…

සිරි දළදා වන්දනාව දෙවන දින අදයි – එක පෝලිමක් කිලෝමීටර් 08යි

සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) පැවැත්වේ. ඒ අනූව, දහවල් 12.00 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත. ඊයේ (18) දිනයේදී ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පලව ඇත.…

දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ

සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් පැමිණෙන සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසයි. ඒ අනුව දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 50කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත. සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ව සූදානමින්…

අදත් ලොකු වැස්සක්

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක…