News Editor

News Editor

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා. ඒ අනුව චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොළඹ මහ නගර සභාවේ මංගල සභා රැස්වීමේදී සභාව විනාඩි 10ක් කල් තබයි

කොළඹ මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීමේදී එහි න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදීමෙන් පසුව, එම රැස්වීම විනාඩි 10කට කල් තැබීමට නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අද (26) උදෑසන පියවර ගත්තා. මහ නගර සභා ආඥා පනතට අනුව, මහා…

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ‍ගොනුකර තිබෙනවා. ඒ අනුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව අද (26) කැඳවූ…

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ජූලි 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (26) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති අතර, මෙම නඩුවේ තුන්වන සැකකරු ඇප මත මුදා…

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

ලොව පිළිගත් ප්‍රමුඛ ඉංග්‍රීසි ශබ්දකෝෂයක් වන ඔක්ස්ෆර්ඩ් (Oxford) ඉංග්‍රීසි ශබ්දකෝෂය සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන වචන කිහිපයක් අලුතින් ඇතුළත් කර තිබෙනවා. එම ශබ්දකෝෂයේ 2025 ජුනි යාවත්කාලීන කිරීම සඳහා මෙම භාෂාමය මෙන්ම සංස්කෘතික වැදගත්කමක් ඇති නව වචන ඇතුළත් කර ඇති…

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින්, අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත ‘ඉටිහාඩ්’ ගුවන් සේවයේ ගුවන් යානයක් වෙත පිවිසීම සඳහා කටුනායක…

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා, ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න පවසනවා. ඒ අනුව, ළමුන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ ගොස් ඇති…

විදේශ කටයුතු ඇමති හා මෙරට ඉරාන තානාපතිවරයා අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සාහයන්හි වැදගත්කම අමාත්‍යවරයා විසින් ඉරාන තානාපතිවරයාට අවධාරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම එහිදී ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්…

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අද (26) දින සිට 2025 ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින්…