News Editor

News Editor

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා – අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය මේ වනවිට මුලුමනින්ම පාලනය කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා. වෙනදාට වඩා වැඩි බහාලුම් ප්‍රමාණයක් ලැබී තිබීම හේතුවෙන් තාවකාලික තදබදයක් ඇතිවූවත්, මේ වනවිට එය පාලනය කර ඇති බවයි ඔහු ප්‍රකාශ…

මිද්දෙණිය ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදියක් සොයා ගැනේ

මිද්දෙණිය – තෝරකොළයාය, තේක්ක රක්ෂිතය අසල පසුගිය 25 වනදා තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.  ඒ මිද්දෙණිය, ඕකන්දයාය පෙරළිදවැව ප්‍රදේශයේ දමා ගොස් තිබියදීයි.  ප්‍රදේශවාසියෙකු ලබා දුන් තොරතුරක් මත පොලිසිය මෙම…

අනිද්දා සිට දිස්ත්‍රික්ක 16 ක මදුරු මර්දන සතියක්

ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අනිද්දා සිට ලබන මස 6 වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මකයි.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.  මේ අතර…

උතුරේ ඉඩම් අක්කර 5,941ක් පවරා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්

උතුරු පළාතේ පිහිටි හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමේ අරමුණින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.  යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම්…

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ඊයේ (27) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇති බවයි පැවසෙන්නේ.…

දෙවුන්දර සහ කළුතරදී ධීවර යාත්‍රා දෙකක් අනතුරට

ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට පත්ව තිබේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවකි. දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු…

ඔසුසැල් ජාලය පුළුල් වෙයි

මෙරට ඇති ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.  ඔහු මේ බව කියා සිටියේ, රාජ්‍ය ඖෂධ නීතිගත…

“අවශ්‍ය වුවහොත් ඉරානයට නැවත පහර දෙනවා” – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානයට සැලකිය යුතු මට්ටම්වලට යුරේනියම් පොහොසත් කළ හැකි බව බුද්ධි අංශ නිගමනය කළහොත්, නියත වශයෙන්ම නැවත ඉරානයට පහර දෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේබව සඳහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්. ලබන සතියේ ද්විපාර්ශ්වික සාකච්ඡා නැවත…

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නැවත ඇතුළත් වීමේ වීසා (Re – entry) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ වීසා හී වලංගු කාලය එළැඹෙන…

පිලිපීනයේ ඩාවෝ බටහිර මුහුදේ 6.1 ක ප්‍රබල භූමිකම්පාවක්

පිලිපීනයේ මැනිලා – සෙනසුරාදා උදෑසන ඩාවෝ ඔක්සිඩෙන්ටල් වෙරළට ඔබ්බෙන් 6.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, එමඟින් මිනිසුන් තම නිවෙස්වලින් පිටතට ගොස් වීදිවලට ​​ඇද වැටුණු බව පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය (ෆිවොල්ක්ස්) පැවසූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.…