News Editor

News Editor

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අරගල සමයේදී මහජන ආරක්ෂක පනත යටතේ පැනවූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. වැඩ…

මුහුදු නොයන්නැයි ධීවරයින්ට තවදුරටත් උපදෙස් සුළගේ වේගයත් ඉහළට

කල්පිටියේ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු හෝ ඉතා රලු විය හැකි බැවින් ඉදිරි පැය 24 සදහා මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දෙනවා. එමෙන්ම, මධ්‍යම…

නිර්මලා ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ භාර්යාව වන ප්‍රවීණ ගේය පද රචිකා නිර්මලා ද අල්විස් මහත්මිය ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත. ඇයගේ පුත් පූර්ණ ප්‍රේමකීර්තී ද අල්විස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරට – 16ක් රෝහල්ගත කෙරේ

බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වේ. අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර,…

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. මේ බව ඊයේ (22) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR)…

ඛනිජ තෙල් සංස්ථාව බිලි­යන 884ක් ණයයි

ඛනිජ තෙල් සංස්ථාව රජ­යට ණය වශ­යෙන් ඇති රුපි­යල් බිලි­යන 884ක් ගෙවීම සඳහා ඉන්ධන ලීට­ර­ය­කින් රුපි­යල් 50ක් අය කර ගැනී­මට සිදුව ඇති බව බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. අදාළ ණය ගෙවූ පසුව ඉන්ධන මිල අඩු කිරී­මට…

අස්වැසුම දෙවැනි අදියරට අදාළව අභියාචනා භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම කාල සීමාව මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම මණ්ඩලය පියවර ගෙන ඇති…

අත් බෝම්බ 86ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කිරිබත්ගොඩ පොලිස් වසමේ, අලුත් පාර ප්‍රදේශයේදී T-56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලද තවත් සැකකරුවෙක් සෙට්ටිකුලම පොලිස් වසමේ, නෙරියකුලම් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (23) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00 කාලය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි…