News Editor

News Editor

A/L ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මුද්‍රා තබයි

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති දැව පෙට්ටිය සිකුරාදා(25) රාත්‍රියේ මුද්‍රා තැබුණි. ඒ අනුව දින තුනක් බැතිමතුන්ගේ ගරු බුහුමන් දැක්වීම පිණිස ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කර තබා එය නිල වශයෙන් අවසන් කරන පෞද්ගලික චාරිත්‍රයක්…

අමෙරිකා සාම නියෝජිතයා පුටීන් හමුවෙයි

අමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර මොස්කව් හිදී රුසියා – යුක්‍රේන සාම සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ. පැය තුනකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාව ඉතා සාර්ථක එක්ක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

බංග්ලාදේශ කප්පම් කල්ලියක් පැහැරගත් ශ්‍රී ලාංකිකයන් තිදෙනා

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වන විට බේරාගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි. ඩකා අගනුවරට කිලෝමීටර 200කටත් වඩා දුරකින් පිහිටි බාගර්හාට් නම් පළාතේ…

සිරි දළදා වන්දනාව හෙටින් අවසන්

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. දියවඩන නිලමේවරයා ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය. ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට…

බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…

ජනපති අනුරගෙන් ඉන්දීය අගමැතිට දුරකථන ඇමතුමක්

පුද්ගලයන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්බු කාශ්මීරයේ පහල්ගම්හි පසුගිය දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත දුරකථන ඇමතුමක්…

මහියංගණය බස් අනතුරකින් 27 ක් රෝහල් ගත කෙරේ

අද (25) උදෑසන පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව මහියංගනය පොලීසිය සඳහන් කළේය. ඉන් 10 දෙනෙක් පාසල් සිසුන් බවයි වාර්තා වෙයි මෙම අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහියංගනය…

බොහෝ ප්‍රදේශවලට මි.මී 100 ට වඩා වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම්…

ගුවන් සේවිකාවන්ට කරදර කළ මගියාට රු.26,500ක දඩයක්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිරිහැර කර සෙසු මගීන්ට කරදරයක් වන ආකාරයෙන් හැසිරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (24) රුපියල් 26,500ක…