News Editor

News Editor

මහනුවර අවසන් කුඹල් පෙරහැර අදයි

ඓතිහාසික මහනුවර, සෙංකඩගල, ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතයි. ඊයේ පැවති සිව්වන කුඹල් පෙරහැරේදී කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළා. මේ අනූව පළමු රන්දෝලි පෙරහැර හෙට…

දේශබන්දු ඉවත් කිරීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව, අදාළ යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවේදී විවාද කර එදින පස්වරුවේ ඡන්දය විමසීමටයි නියමිතව ඇත්තේ. මේ සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ…

වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද කරන නිලධාරීන්ට දඩ: නොදුන්නොත් නීතිමය පියවර

ලබන අගෝස්තු 31 වනදාට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ජුනි 30 වනදායින් පසුව, එනම් අගෝස්තු 31 වනදාට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ…

වල්අලි පහරදීමකින් 08 හැවිරිදි දැරියක් මරුට

හම්බන්තොට නාගරවැව සීනුක්කුගල ප්‍ර දේශයේ දි (03) උදේ සිදු වූ වල්අලි පහරදීමකින් අට හැවිරිදි දැරියක් මියගොස් තිබ්බෙනවා. පහරදීමෙන් දැරියගෙ පියා තුවාල ලබා ඇතැයි හම්බන්තොට පොලිසිය පවසනවා. සිනුක්කුගල ප්‍ර දේශයේ කුඩා නිවසක ජීවත් වූ මෙම පවුලේ පියා අසල ලඳු කැලයට ගිය…

රියදුරු බලපත් ප්‍රමාදය අගොස්තු 15වැනිදායින් පසු ඉවරයි

මෙතෙක් නිකුත් කිරීමට නොහැකිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය තුළ ගොඩ ගැසී ඇති රියැදුරු බලපත්‍ර ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් අගෝස්තු මස පහළොස්වන දිනෙන් පසුව නිකුත් කිරීමට හැකිවන බවත් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල 2026 ජනවාරි මස සිට මාර්ග ගත ක්‍රමයට කටයුතු…

රුසියාවේ භූ කම්පනයක්

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අද (3) රික්ටර් මාපකයේ 7.0ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මධ්‍ය සඳහන් කරයි. මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් සිදුකර ඇත. කෙසේ වෙතත් අපේක්ෂා මට්මට මුහුදු රළ පැමිණ නොමැති…

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 220ක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ඊයේ (අගෝස්තු 02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. එහිදී…

Number Portability සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර

දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability – NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, මේ වන විට දුරකථන ක්‍රියාකරන සමාගම් සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස්…

මාතර කපුගම වෙඩි තැබීමක්

මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරු රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ. නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී-56 ගිනි අවියක්…

අද කාලගුණ නිවේදනය

අද (03) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…