News Editor

News Editor

සීදූවේ දී පුද්ගලයෙකු කපා කොටා මරා දමලා

සීදූව පොලිස් වසමට අයත් ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. මියගිය පුද්ගලයා වයස අවුරදු 40ක ඊරියගහළිඳ…

බස් රථවලට AI තාක්ෂණය යෙදවීමට අවධානය

රාජ්‍ය සහ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව සඳහා AI තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. AI තාක්ෂණය භාවිත කර රියදුරන්ට විඩාව, නිදිමත හෝ ඇස් පියවෙන ගතිය ඇති වුවහොත්, මෙන්ම රියදුරු රැකියාව කරන අතරතුර…

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාගෙන් අධිකරණයට ප්‍රකාශයක්

නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ ගුවන් නියමුවා වන ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. ඒ අනුව, මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන්ගත කර තත්පර 30 ක් ඇතුළත තමා පැදවූ බෙල්…

මුදල් වංචා කළ විදේශ රැකියා නියෝජිත සමාගමක කළමනාකරුවෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000 ක මුදලක් වංචා කළ බවට සැකපිට, විදේශ රැකියා ඒජන්සි සමාගමක කළමනාකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී, 2023 වසරේ…

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ලබන මාසයේ සිට යළි ආරම්භ කිරීමට පියවර

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළිත් ලබන මාසයේ සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ අනුව, ඒ සඳහා සුදුසු අය හඳුනා ගැනීම මේ වන විට සිදු කරමින් සිටින බවයි එහි සභාපති ප්‍රේමසිරි ජයසිංහආරච්චි ප්‍රකාශ කළේ. ධීවර විශ්‍රාම…

කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර්ජනයක

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ අද (13) පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයකු රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ.…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සබරගමුව පළාතෙත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.…

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ කොට්ඨාසයේම ඝාතන වෙනවා – විපක්ෂ නායක

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දෙන බව කියූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ කොට්ඨාසය තුළම ඝාතන සිදුවන තත්ත්වයක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ ජනතාව ඝාතනය වීම මෙරට නීතිය හා සාමයට සෘජුවම…

දුර ගමන් බස්වලට AI කැමරා -ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක්

දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා තිබේ. පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැංවේ. ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති හතළිහක් සවි කෙරේ. ඒවායෙන් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු…

ආනයනික අල, ළූනු බදු අය කරන යෝජනාව ආහාර සුරක්ෂිතතා කමිටුවට

ආනයනික අර්තාපල්, රතු ළූනු හා ලොකු ළූනු සඳහා බදු අය කරන ලෙසට දේශීය ගොවීන් කරන ලද ඉල්ලීම් මේ වන විට ආහාර සුරක්ෂිතතා කමිටුවට යොමු කර ඇති බව වෙළෙඳ හා වාණිජ හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවා. මෙම ගොවීන් දිගටම මෙම…