News Editor

News Editor

ආන්දෝලනාත්මක රතු කන්ටේනර් එළියට ගිය හැටි සාගර රටට කියයි

පහුගිය කොවිඩ් සමයේ වරායේ ලොකු ප්‍රශනයක් තදබදයක් තිබුණ කාලයේ කිසිම දිනක රතු ලේබල් සහිත කන්ටේනරයක් මුදාහැර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසනවා. එමෙන්ම මේ කාලයේ හදිස්සියේ ඇති වුණ තදබදය කොයි ආකාරයකින් ඇති වුණාද යන්න…

කැලණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය සේවා යථා තත්ත්වයට

දුම්රියක් පීලි පැනීම නිසා බාධා එල්ල වූ කැළණිවැලි මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. ඊයේ රාත්‍රියේ පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර සිදු වූ මෙම පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු කොස්ගම…

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව උපයෝගිතා කොමිසමට

ඉදිරි මාස 03 සඳහාවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී ඇති බව විදුලි වෘත්තීය සමිති පවසනවා. අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවූයේ පසුගිය ජූනි මස 12 වනදායි. එහිදී සියයට 15කින් විදුලි ගාස්තු…

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහයක්

ශ්‍රී ලංකා රජයට ඒකාබද්ධ ග්‍රාමීය-නාගරික සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය (Integrated Rurban Development and Climate Resilience Project – IRDCRP) ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහයක් ලබාදීමට නියමිතව තිබෙනවා.…

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විපක්ෂයේ විශ්වාසභංගය ගැන කථානායක තීන්දුව අද

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් බාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීරණය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විශ්වාසභංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට පසුගියදා බාරදෙනු ලැබුවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්…

අගවිනිසුරු ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කළ සැකකරු රිමාන්ඩ්

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කළ බව පවසමින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම…

රාජිත අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අද (09) උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

ප්‍රංශ අගමැති විශ්වාසභංගයෙන් පැරදෙයි

ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆ්‍රන්සුවා බෙයිරූ එරට පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වේ. ඒ අනුව, ඔහු පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමත් සමග ප්‍රංශයේ නව දේශපාලන අර්බුදයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අගමැති ෆ්‍රන්සුවා බෙයිරූ සහ රජයට එරෙහිව ඡන්ද 364ක්…

විරෝධතාවලින් 19 දෙනෙකු මිය යාමත් සමඟ නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කෙරේ

ඊයේ (09) විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාලය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ. ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා…

තායිලන්තයේ හිටපු අගමැතිනියට වසරක සිරදඬුවමක්

තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බන්ධනාගාරයක් වෙනුවට රෝහලක ප්‍රභූ අංශයේ රඳවා තබා ගැනීම නීති විරෝධී බැවින්, කෝටිපති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිර දඬුවමක් නියම කළ යුතු බව තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය අද…