News Editor

News Editor

දිස්ත්‍රික්ක 11කට නිකුත්කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නිකුත්කර තිබූ නායයෑම් අනතුර ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ. පවතින වර්ෂාපතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගෙන මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝකළ බව එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා මේ…

ප්‍රකාශයක් දෙන්න නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණි තිබේ. ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව ඔහු මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලය අවසන් බව IMF කියයි

ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී සිටින්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දී තිබේ. එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට…

ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ අවසන් අදියර අද කොළඹදී ඇරඹෙයි

2025 ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වීමට නියමිතයි. දෙදිනක් පුරා (අද හා හෙට) පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 15 ක් නිය‍ෝජනය කරමින්, පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24 ක් සහභාගි වන බවයි…

‘ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතුයි’ – අගමැති හරිනි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළෙඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවන පරිදි දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. NDTV – Global Summit සැසිවාරය ඊයේ(17) අමතමින් ඇය පෙන්වා…

කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල ලබාදුන් බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් ‍ජේලර්වරයා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි, 53 හැවිරිදි අයෙක් බවයි පොලීසිය පවසා…

අධික වර්ෂාපතනය නිසා රාජාංගනය සහ අංගමුව ජලාශයේ වාන් දොරටු කීපයක් විවෘත කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. වර්ෂාපතනය සමග එම ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යන බැවින් මෙම පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ හේතුවෙන්, එම ජලාශයන්…

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් දුන් පුද්ගලයින් කිහිපදෙනෙක් CCD අත්අඩංගුවට

නේපාලයේ සිට අත්අඩංගුවට ගෙන රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකාවක් වන ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන, අලුත්ගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි අතර, බස්නාහිර…

අන්තර්ජාල සේවා අවුල ගැන ICTA නිවේදනයක්

රාජ්‍ය ආයතන රැසක වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය කරමින් බිඳ වැටුණ රජයේ ක්ලවුඩ් (LGC) සේවා යථා තත්ත්වයට පත් කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව LGC හි සේවාවන් කිහිපයකට අඛණ්ඩව බාධා පැමිණෙමින්…