News Editor

News Editor

මෛත්‍රීපාල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඊයේ (26) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. හිටපු ජනාධිපතිවරයා පැය දෙකහමාරක කාලයක් එහි රැඳී සිට ඇති අතර උදේ 11.15ට පමණ පැමිණ පස්වරු 1.30ට පමණ පිටත්ව…

සෞඛ්‍ය පිළිබඳ හැඟීමකින් යුතුව අවබෝධයෙන් වගකීමෙන් කටයුතු කරනවා-සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි

අමාත්‍යාංශයක සාම්ප්‍රදායික නියෝජ්‍ය ඇමැතිවරයෙකු වනවාට වඩා මෙරට ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ හැඟීමකින් යුතුව, අවබෝධයෙන් කටයුතු කරන, වගකියන නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස සිය වගකීම ඉටු කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. තමාගේ වගකීම් ඉටු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයීය…

අය-වැය ජනවාරි 9දා පාර්ලිමේන්තුවට

එළැඹෙන 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පෙබරවාරි 17 වැනිදා දෙවැනි වර කියවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව තෙවැනි වර කියවීමේ අය-වැය විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන…

පුත්තලම විභාග මධ්‍යස්ථාන 2ක් ජලයෙන් යටවෙයි

හදිසියේ වැසි ඇතිවීමේන් ජලය පිරී ගිය හින්දු විදුහලේ විභාගයට පෙනී සිටි සිසුන් පාසල් භූමියේ ජලය මැදින් ආපසු මෙසේ නිවෙස් වෙත ගමන් කරන අයුරු. පුත්තලම අධ්‍යාපන කලාපයේ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක් මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වූ බව පුත්තලම…

මුහුදින් උපරිම ප්‍රයෝජන ගැනීමට අපි තවමත් සමත්ව නැහැ-ඇමැති වසන්ත සමරසිංහ

ලංකාව වටා ඇති මුහුදෙන් ධීවර කර්මාන්තයේ සහ මුහුද ආශ්‍රිත වෙනත් කර්මාන්ත ක්ෂේත්‍රයේ උපරිම ප්‍රයෝජන ගැනීමට අපි තවමත් සමත් වී නොමැති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී…

වැලිසර වෙළෙඳ අකටයුතුකම්

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ නීති කඩමින් කටයුතු කරන වෙළෙඳුන් රැසකි. එවැනි වෙළෙඳුන් හඳුනාගෙන කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි. කල්ඉකුත් වූ භාණ්ඩ මෙන්ම තවත් අකටයුතුකම් ද සිදු කරනු ලබයි. ඒ නිසා මේ ගැන සොයා බැලීම බලධාරීන්ගේ වගකීමකි

පොල්තෙල්වල ප්‍රමිතිය සොයන්න

පොල්තෙල් ප්‍රමිතිය මැනීමට නව වැඩපිළිවෙළක්. විවිධ කෑම සෑදීමේදී පොල්තෙල්, අත්‍යවශ්‍ය අංගයකි. ජනතාව පාවිචිචියට ගන්නා පොල්තෙල්වල ප්‍රමිතිය නිවැරදිද යනු අපි ඔබ සැවොම නොදනිමු. පොල්තෙල්’ප්‍රමිතිය පරික්ෂාවට අලුත් වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳ ජනතාව බලාපොරොත්තුවෙන් පසුවෙති. ‘පොල්තෙල්’ මිශ්‍ර ඒවා ද? ජල ආදර්ශ පරික්ෂාව, සංශෝධිත දිසිඳි…

මධ්‍යම පළාතේ පාසල් 1470ක ගුරුවරුන් 6,176ක හිඟයක් – මන්ත්‍රිනී රෝහිණී කවිරත්න

මධ්‍යම පළාතේ පාසල් 1470ක ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරුවරුන් 6,176 ක හිඟයක් පවතින බවත් එම ගුරු හිඟය පියවීම සඳහා මධ්‍යම පළාත් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය වහා පියවර ගත යුතු බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසූවාය. මධ්‍යම පළාතේ ගුරුවරුන්…

රේල්ලුව යළි පීල්ලට දාමු

මෙරට තුළ ජනප්‍රිය පොදු ප්‍රවාහනය බවට පත්ව තිබෙන්නේ දුම්රිය සේවයයි. හැත්තෑව දශකය අසූව දශකය තුළ දුම්රිය සේවය සාර්ථක සේවාවක් බවට පත්ව තිබුණ ද එම සාර්ථකත්වය කෙමෙන් ගිලිහී ගොස් තිබෙන අතර අද දුම්රිය කියූ සැණින් මතයකට නැඟෙන්නේ ප්‍රමාදය සහ තදබදයයි. එයට…