News Editor

News Editor

නාවික හමු­දාවෙන් ගල්ග­මුව දකුණ මහ­වැව සොරොව්ව අලු­ත්වැ­ඩියා කෙරේ

අක්‍රීය තත්ත්වයේ පැවැති ගල්ග­මුව දකුණ, මහ­වැව සොරොව්ව අලු­ත්වැ­ඩියා කර නැවත ක්‍රියා­කාරී තත්ත්ව­යට පත් කිරී­මට නාවික හමු­දාව පෙරේදා (26) කට­යුතු කර තිබේ.  ගල්ග­මුව දකුණ, මහ­වැව සොරොව්වේ ඇති වූ දෝෂ­යක් හේතු­වෙන් එය අක්‍රී­යවී තිබු බැවින් එම සොරොව්ව අලු­ත්වැ­ඩියා කර දෙන ලෙස කුරු­ණෑ­ගල…

කැලණි ගංගා ද්‍රෝණියේ අය කල්පනාවෙන් ඉන්න

කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මේ වන විට කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇත. තව ද, රාජාංගනය…

විපතට පත් වූවන්ට කඩිනම් සහන දෙන්න ජනපති උපදෙස් දෙයි

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ සඳහා බිම් මට්ටමේ…

දිස්ත්‍රික්ක 03කට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අද (27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දුව කියා සිටියේ, අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම එම…

අයහපත් කාලගුණයෙන් A -9 කොටසක් යටවෙයි

දිවයිනේ පවතින අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ යාපනය A-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙයි. එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් භාවිතා කරන ලෙස පොලීසිය සඳහන් කළේය ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ…

මිස්ටර් වර්ල්ඩ් අවසන් 10 දෙනා අතරට තේරුණු මේඝ කටුනායකට

මිස්ටර් වර්ල්ඩ් (Mr:World ) තරගාවලියට සහභාගී වී , ලෝකයේ කඩවසම් තරුණයන් අතරින්  අවසන් දස දෙනා ( Top 10 ) අතරට තේරී පත් වූ , මේඝ සූරියආරච්චි ඊයේ (26)  මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . ශ්‍රී ලංකාවේ පැවති මිස්ටර්…

චීන-සිංගප්පූරු සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක්චී-න ජනපති කියයි

චීනය සමග සහයෝගිතා පවත්වා ගැනීමේ ප්‍රමුඛයා ලෙස සිංගප්පූරුව අඛණ්ඩව කටයුතු කිරීම පිළි ගන්නා බවචීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(26) පස්වරුවේ බෙයිජිංහි පිහිටි ද්‍යාඕයූටයි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී සිංගප්පූරු කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය Lee Hsien Loong මහතා හමු විය. Suzhou කර්මාන්ත…

පාකිස්තානයේ පෝලියෝ හිස ඔසවයි

මේ වසරේ ඉහළම අගය වාර්තා කරමින් පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිලිදියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟ…

බලහත්කාර කම්කරු සේවය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනයට යුරෝපයෙන් නීති

බලහත්කාර කම්කරු සේවය භාවිත කරමින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ආනයනය තහනම් කරමින් යුරෝපා කවුන්සිලය ඓතිහාසික තීන්දුවක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තීරණාත්මක පියවර ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ රටවල් අතර මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ වෙළෙඳ ආචාර ධර්ම හුරුකරවීමට…

ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි එංගලන්තයේ ජෝන් ඇල්ෆ්‍රඩ් ටිනිස්වුඩ් ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112කුත්, දින 91ක් වූ අතර, ලොව වයස්ගතම මිනිසාගේ…