News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75ක් පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම…

රේගුවේ රඳවා තැබූ වාහන නිදහස් කිරීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

වාහන නිදහස් කිරීම සඳහා වන නව රෙගුලාසි නියම කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආනයන අපනයන රෙගුලාසි ගැටලුවක් මත රේගුව විසින් නිකුත් නොකළ වාහන නිදහස් කිරීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි සඳහන්.

අණ නොතැකූ වෑන් රථයකට රත්මලානේදී පොලිසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. ඒ රත්මලාන – ගොළුමඩම මංසන්ධියේදී බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක නොමැති අතර එහි රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

රජයේ ඉලක්කය වන්නේ පිටරටින් සහල් ආනයනය කිරීම නතර කිරීමයි – නාමල් කරුණාරත්න

සහල් සම්බන්ධයෙන් 3% ක පමණ හිඟයක් මතුවී ඇති බවත්, ඊට විකල්පයක් ලෙස සහල් යම් ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. සහල් ආනයනය මේ අවස්ථාවේ සිදුකළ යුතුව ඇති බවත්, මේ මොහොතේ ගොවියා ළඟ වී නොමැති නිසා මෙයින්…

රොෂාන් රණතුංගගෙන් රිදී පදක්කමක්

ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියායනු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පැවති පිරිමි මී. 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට රොෂාන් රණතුංග සමත් විය. තරගය අවසන්කිරීම සඳහා ඔහු තත්. 13.90ක දක්ෂතාවක් දැක්වීය. මෙහි රන් පදක්කම දිනූ ඉන්දීය ක්‍රීඩකයාට අවසානය…

කොරෝනා එන්නත්වලින් පිළිකා රෝගීන්ට අලුත් බලාපොරොත්තුවක්

ලොව පුරා භාවිතා වන Pfizer සහ Modea COVID-19 එන්නත්වල අඩංගු වන මෙසෙන්ජර් ආර්එන්ඒ (mRNA) තාක්ෂණය ඇතැම් පිළිකා රෝගීන්ට අලුත් බලාපොරොත්තුවක් ගෙන දී තිබෙනවා. CNN මාධ්‍ය වාර්තාවකට අනුව හූස්ටන්හි MD Anderson පිළිකා මධ්‍යස්ථානයේ සහ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත්තේ,…

රියදුරු බලපතේ ගාස්තු නැංවීමට තීන්දුවක් නෑ

රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පවසනවා. මේ වසරේ ගාස්තු වැඩි කිරීම සම්බන්ධ සීමාව 15% ක් වන නමුත්, එය සංශෝධනය සඳහා වන උපරිම සීමාව මිස තීන්දු කළ…

නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්

සුනාමි පෙර සූදානමක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නොවැම්බර් 05 වනදා කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.   කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය මාසයක් ඇතුළත කාලය පුරාවට…

ඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ රික්ටර් මාපකයේ 3.9ක භූ කම්පනයක් හටගෙන ඇති බවය. අද (25) පස්වරු 03:36ට පමණ හටගෙන ඇති මෙම භූ කම්පනය කිලෝමීටර 5ක් ගැඹුරින් සිදුව ඇති බව වාර්තා වෙයි.

දොඩන්ගොඩ දී මාරක අනතුරක්

දොඩන්ගොඩ පොලිස් වසමේ මළබඩ පුහාබුගොඩ මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මළබඩ හන්දිය දෙස සිට පුහාබුගොඩ දෙසට ධාවනය වූ ටැක්ටර් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.  අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පිටුපස…