News Editor

News Editor

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවධානය යොමුකළ යුතු මට්ටමක උෂ්ණත්වයක්; කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැලිමඩ අනතුරකින් දෙදෙනෙක්ට බරපතලයි

ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. තුවාලකරුවන් දෙදෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. වැලිමඩ, උඩපේරුව මාර්ගයේ වැලිමඩ සිට උඩපේරුව දෙසට ගමන් ගත් ලොරි රථයක්…

ට්‍රම්ප්ගෙන් ලෝකයට ලියුමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝකයටම ලිපියක් ලියා තිබෙනවා. ධවල මන්දිරය පවසන්නේ ට්‍රම්ප් මේ ලිපිය සියලුම නෙටෝ රාජ්‍යයන් ඇතුළුව ලෝකය වෙත ලියා ඇති බවයි. රුසියා-යුක්‍රේන යුදධය සම්බන්ධයෙන් නෙටෝ රාජ්‍යයන් වෙත ඍජුව කටයුතු කරන ලෙස අවධාරණය කරන මෙම ලිපියෙන් තවදුරටත් පවසන්නේ…

2026 සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නියමිත කාලයට

2026 වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නියමිත කාලයට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය සමඟ මෙරට පාසල් වාර සහ විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් කර තිබූ අතර, 2026 සිට එය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා.…

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය හෙට ඇරඹේ

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හෙට (15) ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව, හෙට පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන්. මෙම බස් නැවතුම්පොළ වසර 60කට පසුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වන අතර,…

බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ගින්නක්

බලංගොඩ, බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ඊයේ (14) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න තවදුරටත් පැතිර යමින් ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශය පුරා පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

රුසියානු එරෝෆ්ලොට් ඔක්තෝබර් සිට යළි කොළඹට

රුසියානු එරෝෆ්ලොට් ගුවන්සේවය එළඹෙන ඔක්තෝබර් 04 වැනිදා සිට කොළඹ දක්වා යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. සතියකට තෙවරක් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මීට සමගාමීව එරොෆ්ලොට් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ කිරීමට සූදානමින්…

නේපාලයේ ඇඳිරි නීතිය ඉවතට

සමාජ මාධ්‍ය සදහා සීමා පැනවීමට නේපාල රජය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක වීමත් සමග එරට තුළ ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය දින 05 කට පසු ඉවත් කිරීමට අද (13) පියවර ගැණුනා. ඒ අනුව, කත්මණ්ඩු අගනුවර ඇතුලු ප්‍රදේශවල වෙළෙඳසැල්, සාප්පු…

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලදී ඊයේ (12) දිනයේ දී පමණක් වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට ගෙන තිබේ. පරීක්ෂා කිරීම්වලදී සැකපිට පුද්ගලයින් 639ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 17ක්, වරෙන්තුකරුවන් 232ක් සහ විවෘත වරෙන්තුකරුවන් 152 දෙනෙකු…