News Editor

News Editor

ලොකු ලූනු මිලදී ගැනීමේදී රජයෙන් කොන්දේසි 17ක්

රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ. ඒ් අනුව රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65කි. විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි…

ගාසා වෙත දරුණු ප්‍රහාර එල්ල කරන්නැයි නෙතන්යාහුගෙන් නියෝග

ගාසා තීරයට ‘දරුණු ප්‍රහාර’ එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ. අගමැතිවරයා විසින් ඊශ්‍රායල හමුදාවට නියෝගය කර ඇත්තේ, එම ප්‍රහාරය වහාම ක්‍රියාත්මක කරන ලෙසය. අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ඇති වූ සටන් විරාමය නැවත නැවතත්…

බද්දේගම උපසභාපතිට පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්

බද්දේගම ප්‍රාදේශීය සභාව් උපසභාපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ. සැකකරු සැඟව සිට දින 4කට පසුව නීතීඥයෙකු මාර්ගයෙන් පෝද්දල පොලීසියට භාරවී ඇති බව සඳහන්ය. අනතුරුව සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩම්ගොඩ මහතා හමුවට ඉදිරිපත්කළ…

2026 දී මෙරට ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකථනයක්

එළැඹෙන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ,  තෝමස් හෙල්බ්ලින් විසින් ඒ බව සඳහන් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකා…

රථවාහන ස්ථානීය දඩ ඔන්ලයින් ක්‍රමයෙන් ගෙවීම දෙසැම්බර්යේ සිට

රථවාහන සඳහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය දෙසැම්බර් මාසය වන විට මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පහසුකම හඳුන්වා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙහෙළිය නිශාන්ත අමුණුගම සම්බන්දන්ගේ නිල නිවාස මහාධිකරණ වෙයි

හිටපු විපක්ෂ නාය­ක­ව­ර­යකු මෙන්ම දෙමළ ජාතික සන්ධා­නයේ මන්ත්‍රී ආර්. සම්බ­න්දන් හා හිටපු ඇමැ­ති­ව­රුන් වන කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, දිලුම් අමු­ණු­ගම සහ සනත් නිශාන්ත මහ­ත්ව­රුන් භාවිත කරන ලද නිල නිවා­ස­වල මහා­ධි­ක­රණ 4ක් ස්ථාපිත කිරී­මට රජය තීර­ණය කරයි. දූෂණ විරෝධී ජාතික ක්‍රියා­කාරී සැලැස්ම (2025-2029)…

පොලි­ස්ප­ති­ව­ර­යාගේ ප්‍රකා­ශ‍යෙන් මන්ත්‍රී ජගත්ගේ වර­ප්‍ර­සාද උල්ලං­ඝ­නය වෙලා

පොලි­ස්ප­ති­ව­ර­යාගේ ප්‍රකා­ශය නිසා ජගත් විතාන මහ­තාගේ පුර­වැසි වර­ප්‍ර­සාද සේම මන්ත්‍රී වර­ප්‍ර­සා­දත් උල්ලං­ඝ­නය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් විපක්ෂ නාය­ක­ව­රයා මේ බව ඊයේ (28) කියා සිටි­යේය. වර්ත­මා­නයේ පොලී­සියේ සම­හර ක්‍රියා­කා­ර­කම් දැඩි දේශ­පා­ල­නී­ක­ර­ණ­ය­කට ලක්ව ඇති බවත්…

‘ජනා­ධි­පති මාධ්‍ය සම්මාන 2025’ නොවැ.11දා නෙළුම් පොකු­ණේදී

විශ්ව­ස­නීය මාධ්‍ය­ක­ර­ණ­යක් උදෙසා මාධ්‍ය­වේ­දීන් විසින් සිදු කරනු ලබන මෙහෙ­වර ඇග­යීම වෙනු­වෙන් පව­ත්වනු ලබන “ජනා­ධි­පති මාධ්‍ය සම්මාන -2025” උලෙළ අග්‍රා­මාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් නෙළුම් පොකුණ රඟ­හලේ දී නොවැ­ම්බර් 11 සවස 3.00ට පැවැත්වේ. සමාජ වග­කී­මෙන් යුත් මාධ්‍ය කලා­වක් බිහි­කි­රීම සඳහා…

නාරාහේන්පිට දාබරේ මාවතේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පස්වන මහළෙහි ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීමේ රථ 04ක් ගින්න පාලනය සදහා මේ වන විට යොදවා ඇතැයි වාර්තා වේ.

බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන නිලධාරීන්ට සහාය දක්වන ලෙස ජනතාවට ඉල්ලීමක්

බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රසංග සේරසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බරවා රෝගීන් රාත්‍රී කාලයේ දී අදාළ ප්‍රජාව තුළ සිදු කරන විශේෂ රුධිර පටල පරීක්ෂාවන් මඟින් හඳුනා…