News Editor

News Editor

මුදල් වංචා කළ විදේශ රැකියා නියෝජිත සමාගමක කළමනාකරුවෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000 ක මුදලක් වංචා කළ බවට සැකපිට, විදේශ රැකියා ඒජන්සි සමාගමක කළමනාකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී, 2023 වසරේ…

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ලබන මාසයේ සිට යළි ආරම්භ කිරීමට පියවර

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළිත් ලබන මාසයේ සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ අනුව, ඒ සඳහා සුදුසු අය හඳුනා ගැනීම මේ වන විට සිදු කරමින් සිටින බවයි එහි සභාපති ප්‍රේමසිරි ජයසිංහආරච්චි ප්‍රකාශ කළේ. ධීවර විශ්‍රාම…

කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර්ජනයක

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ අද (13) පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයකු රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ.…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සබරගමුව පළාතෙත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.…

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ කොට්ඨාසයේම ඝාතන වෙනවා – විපක්ෂ නායක

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දෙන බව කියූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ කොට්ඨාසය තුළම ඝාතන සිදුවන තත්ත්වයක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ ජනතාව ඝාතනය වීම මෙරට නීතිය හා සාමයට සෘජුවම…

දුර ගමන් බස්වලට AI කැමරා -ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක්

දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා තිබේ. පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැංවේ. ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති හතළිහක් සවි කෙරේ. ඒවායෙන් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු…

ආනයනික අල, ළූනු බදු අය කරන යෝජනාව ආහාර සුරක්ෂිතතා කමිටුවට

ආනයනික අර්තාපල්, රතු ළූනු හා ලොකු ළූනු සඳහා බදු අය කරන ලෙසට දේශීය ගොවීන් කරන ලද ඉල්ලීම් මේ වන විට ආහාර සුරක්ෂිතතා කමිටුවට යොමු කර ඇති බව වෙළෙඳ හා වාණිජ හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවා. මෙම ගොවීන් දිගටම මෙම…

ජනපති හිමිකම් පනතට එරෙහිව උසාවි යන්නෑ – හිටපු ජනපති චන්ද්‍රිකා

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරියගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ එවැනි කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකට ඇය සම්බන්ධ වී නොමැති බවයි.…

මිනිස් වෙළෙඳාම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් හෙළිදරව්වක්

නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථානයන් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් බඳවා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, තොරතුරු තාක්ෂණ අංශයේ…

37 වැනි පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට අනුමැතිය

ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතාගේ  නම සදහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ නිර්දේශයට එම සභාවේ අනුමැතිය ලැබී තිබේ.