News Editor

News Editor

අයවැයට පෙර විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිබෙනවා. ඒ අනුව, අද සවස 2.00 ට කොළඹදී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී…

යෝෂිත සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 කැඳවන ලෙස නියෝග

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කර තිබෙනවා. මෙම…

මත්ද්‍රව්‍ය කිලෝ 02කට අධික ප්‍රමාණයක් හෝමාගම නිවසකින් සොයාගැනේ

හෝමාගම නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 1.5කට අධික ප්‍රමාණයක් සහ අයිස් ග්‍රෑම් 680කට අධික ප්‍රමාණයක් සමග පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීනය කාබන් ප්‍රමිති පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරයි

චීන නියෝජිත පිරිස ‘කාබන් ප්‍රමිති සහයෝගීතාව සම්බන්ධ සාකච්ඡාව පුළුල් කිරීමේ උපදෙස්’ යන යෝජනාව ලෝක වෙළෙඳ සංවිධානයට ඉදිරිපත් කරයි. පසුගිය 4 වැනිදා ජිනීවා හිදී පැවති එම සංවිධානයේ වෙළඳ හා පරිසර කමිටුවේ රැස්වීමකදී එය ඉදිරිපත් කෙරිණ. එම යෝජනාව ගෝලීය කාබන් ප්‍රමිතිය කෙරෙහි…

අමෙරිකාවේ වලංගු වීසා 80,000ක්ම අහෝසි කරලා-සෝෂල් මීඩියා පෝස්ට් දැම්මත් වැඩ වරදී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය බලයට පත්වූ ජනවාරි 20 වැනි දින සිට මේ දක්වා සංක්‍රමණික නොවන වීසා බලපත්‍ර 80,000ක් පමණ අවලංගු කර තිබෙනවා. එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසුවේමෙම අවලංගු කිරීම්, රිය පැදවීම, පහරදීම සහ සොරකම් කිරීම වැනි විවිධ වැරදි හේතුවෙන්…

අමෙරිකානු රජයේ වසා දැමීම් නිසා ගුවන්තොටුපළ 40ක කටයුතු අඩාලයි

අමෙරිකානු රජය අකර්මන්‍යවීම හේතුවෙන් එරට ප්‍රධාන ගුවන්තොටුපළ 40ක කටයුතු සියයට 10කින් අඩු කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා. අමෙරිකානු සෙනට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබාදීමේ පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් දින 36ක සිට රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් අත්‍යාවශ්‍ය නොවන සේවා…

අනතුරට පත්වූ ගුවන්යානයේ කළු පෙට්ටිය හමුවෙයි -මරණ 12 යි -කිහිපදෙනෙක් අතුරුදන්

දොළොස් දෙනකුට මරු කැඳවමින් අමෙරිකාවේ කෙන්ටකි හි ලුයිස්විල් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වීමෙන් පසු පුපුරාගොස් කඩාවැටුණු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන්බුන් අතර තිබී එහි කළු පෙට්ටිය හෙවත් දත්ත රෙකෝඩර එරට ෆෙඩරල් ආරක්ෂක විමර්ශකයන් සොයාගෙන තිබෙනවා. ඊයේ සිදුවූ අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාවට ගුවන්…

පොහොය නිසා නැවතුණු අලි මෙහෙයුම අද යළිත්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක් අවට සැරිසරන වන අලි හම්බන්තොට යෝජිත අලි කලමනාකරණ රක්ෂිතය වෙත යොමු කිරීමේ මෙහෙයුම අද (06) යළි ආරම්භ කෙරෙනවා. පෝය දිනය යෙදීම හේතුවෙන් එම වැඩසටහන ඊයේ දිනයට පමණක් තාවකාලිකව නතර කෙරුණා. පෙරේදා දිනයේ රිදියගම සෆාරි උද්‍යානය අසලින්…

මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත පිලිප් වෝඩ් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සිදුව තිබේ. එහිදී ලෝක ආහාර වැඩසටහනේ  2023- 2027 දක්වා කාලය තුළ උපායමාර්ගික සැලැස්ම පිළිබඳව අවධානය යොමුවී ඇති බව සඳහන් වේ. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ…

සොහොයුරා බේරා ගන්න පොලීසියට සද්දෙ දැමූ මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට

හිඟුරක්ගොඩ පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ මන්ත්‍රීවරයාගේ සොහොයුරා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබී ඇත. පසුව මෙම මන්ත්‍රීවරයා විසින් තම…