News Editor

News Editor

අමෙරිකානු මානව හිමිකම් වාර්තාවෙන් ශ්‍රී ලංකාවටත් චෝදනා

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා තිබෙනවා. එම වාර්තාව මගින් මානව හිමිකම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ඇතුළත් කර ඇති අතර මෙමගින් පෙන්වාදෙන්නේ මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන් හඳුනාගෙන දඬුවම් කිරීමට රජය අවම…

ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 100ක AI අරමුදලක්

දේශීය කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් කරගත් ආරම්භක ව්‍යාපාර සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 100 ක කෘත්‍රිම බුද්ධි (AI) අරමුදලක් දියත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති මොතිලාල් ද සිල්වා ඊයේ (12) මාධ්‍ය වෙත ප්‍රකාශ…

පස් දිලීප​ ඉලක්​ක කර සිදුකළ වෙඩි තැබීම ව්‍යර්ථ වෙයි

මිනුවන්ගොඩ, පත්තඬුවන ප්‍රදේශයේදී ‘පස් දිලීප’ නමැති පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් අද (13) දහවල් කාලයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ නමුත්, එම වෙඩි…

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ විත්තියේ…

2025 මුල් මාස 07 තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 4.4 ඉක්මවයි

2025 වසරේ ගතවූ මාස 07ක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.43ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින්,…

පොලිස්පති කාර්යාලයට ඍජුව සම්බන්ධ වීමට නව WhatsApp අංකයක් හඳුන්වාදෙයි

පොලිස්පති කාර්යාලය සමඟ ඍජුව සම්බන්ධ වීමට හැකි නව WhatsApp අංකයක් පොලීසිය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, මහජනතාවට මුහුණ දීමට සිදු වන අපරාධ සහ විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම නව WhatsApp අංකය හඳුන්වා…

හෙට ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (14) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, හෙට පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. නිට්ටඹුව,…

සීදූවේ දී පුද්ගලයෙකු කපා කොටා මරා දමලා

සීදූව පොලිස් වසමට අයත් ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. මියගිය පුද්ගලයා වයස අවුරදු 40ක ඊරියගහළිඳ…

බස් රථවලට AI තාක්ෂණය යෙදවීමට අවධානය

රාජ්‍ය සහ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව සඳහා AI තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. AI තාක්ෂණය භාවිත කර රියදුරන්ට විඩාව, නිදිමත හෝ ඇස් පියවෙන ගතිය ඇති වුවහොත්, මෙන්ම රියදුරු රැකියාව කරන අතරතුර…

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාගෙන් අධිකරණයට ප්‍රකාශයක්

නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ ගුවන් නියමුවා වන ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. ඒ අනුව, මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන්ගත කර තත්පර 30 ක් ඇතුළත තමා පැදවූ බෙල්…