News Editor

News Editor

2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන…

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑලට හිමිවෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑලට හිමිවී තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද (07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේදී පැවැත්වුණා. එහිදී ප්‍රදීප් නිලංග දෑල ඡන්ද 195 ක් ගනිමින්…

අයවැය 2026: අයවැය කතාව අවසන්

2026 වසර සඳහා වන මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකළ අයවැය කතාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඉන්පසුව, පාර්ලිමේන්තුව හෙට (08) පෙරවරු 9.30 දක්වා කල් තබන බව කථානායකවරයා සඳහන් කළා. මෙම විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය…

2026 වසරේ අයවැය යෝජනා

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වුණා. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා ද වන ජනපති අනුර කුමාර දිසානායක විසින්. ජනපතිවරයාගේ අයවැය ප්‍රකාශය පහතින්, * වසරක් තුළ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට රජයට හැකිවුණා* උද්ධමනය 5%ට අඩු මට්ටමක…

ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා අමතර රුපියල් මිලියන 800 ක් වෙන් කරනවා – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා. එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * 2026 අයවැයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල මෙහෙයුම් හා අත්‍යවශ්‍ය…

NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ. අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන…

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.

කසකස්ථානය ඊශ්‍රායලය සමඟ අබ්‍රහම් ගිවිසුමට එක්වෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

මුස්ලිම් බහුතරයක් වෙසෙන කසකස්ථානය, ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා අබ්‍රහම් ගිවිසුමට (Abraham Accords) එක්වන බව අමෙරිකානු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ කසකස්ථාන ජනාධිපති කසීම්-ජෝමාර්ට් ටොකායෙව් (Kassym-Jomart Tokayev) සමඟ පැවති දුරකථන සංවාදයකින් පසුව අමෙරිකානු ජනපති මේ…

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

‍2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව සිංහල හා දෙමළ පාසැල් වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන සඳුදා දිනයේ ආරම්භ…

ඊලෝන් මස්ක්ට ලොව විශාලතම වැටුප් පැකේජයට අනුමැතිය

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ඊලෝන් මස්ක්ට හිමිවන, ඉතිහාසයේ වාර්තාගත ඩොලර් ට්‍රිලියනයක් දක්වා වටිනාකමක් සහිත දැවැන්ත වැටුප් පැකේජය සඳහා ටෙස්ලා කොටස් හිමියන්ගේ අනුමැතිය හිමිවී තිබෙනවා. අමෙරිකාවේ ඔස්ටින්හි පිහිටි ටෙස්ලා කම්හලේ පැවති කොටස් හිමියන්ගේ රැස්වීමේදී ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන…