News Editor

News Editor

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරි දෙකක් ගැටෙයි : රිය සහායකයකු මියයයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර 2 ආසන්නයේදී ඊයේ (18) රාත්‍රී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් රිය සහයකයකු මිය ගොස් රියැදුරකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව අධිවේගී මාර්ග රථවාහන පොලිසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක්…

උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙම තත්ත්වය සමඟ දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව…

ASPලා 11කට SP තනතුරට උසස්වීම්

සහකාර පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයාගේ නියෝග මත ඉකුත් ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම උසස්වීම් ලබා දුන් බවයි පොලිස් මූලස්ථානය සඳහන්…

TikTok තහනම ඉවතට: චීන මව් සමාගම සිය කොටස් අලෙවි කිරීමට එකඟ වෙයි

වසර ගණනාවක් පුරා අමෙරිකානු රජය සහ TikTok සමාගම අතර පැවති නීතිමය සහ දේශපාලනික ගැටුම නිමා කරමින්, TikTok හි මව් සමාගම වන චීනයේ ByteDance සමාගම සිය අමෙරිකානු ව්‍යාපාරික මෙහෙයුම්වල බහුතර කොටස් අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය…

මෙසීගේ ඉන්දීය සංචාරයේ ගාස්තුව කෝටි 150ක්!

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ඉන්දියාවේ සිදුකළ ප්‍රවර්ධන සංචාරය වෙනුවෙන් ඔහුට ගෙවන ලද මුදල පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම සංචාරය වෙනුවෙන්…

රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය රාජකාරී පැහැර හැර ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (18) නිවේදනය කළේය. ඒ අනුව රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනය…

කොටහේනේ පිහි ඇනුමක් – අයෙක් මරුට

කොටහේන 6වන පටුමග ප්‍රදේශයේ අද (18) පස්වරුවේ සිදුවූ පිහි ඇනුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙළෙඳසැළක් ඉදිරිපිට සිටි අයෙක් ඉලක්ක කර මෙම පිහි ඇනුම සිදුව ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව කොටහේන පොලීසිය…

2026 පාපන්දු ලෝක ශූරයින්ට අති විශාල ත්‍යාග මුදලක්

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නිවේදනය කර තිබේ. ඒ අනුව ලෝක කුසලානයේදී කණ්ඩායම් සඳහා වාර්තාගත අමෙරිකානු ඩොලර් මිලියන 727ක…

ලෝකයේ සෑම රටක්ම හදවතින්ම ශ්‍රී ලංකාව සමඟ සිටිනවා

ලෝකයේ සෑම රටක්ම හදවතින්ම ශ්‍රී ලංකාව සමඟ සිටින බවට මෑතක දී සිදුවූ ව්‍යසනයෙන් පසුව මෙරටට ලබාදී තිබෙන සහයෝගයෙන් පෙන්නුම් කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ‍ ඊයේ (18) ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත්…

එජාප-සජබ දීගයට නායකත්වය බාධාවක් නම් ඉවත් වෙන්න සූදානම්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එක්වීමට සිය පක්ෂ නායකත්වය බාධාවක් නම්, පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ මහතා මෙසේ පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා…