News Editor

News Editor

ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ

මෙරට තුල ආන්දෝලනයට තුඩුදුන් ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතයෙන් පසු මරණ දෙකක් වාර්තාවීම මෙන්ම,…

රුපියල් 25,000 ක දීමනාව ආපදාවට පත් ජනතාවගෙන් 69.56% කට බෙදා අවසන් – ජාආසසේම

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000 ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56% ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

වැඩි මිලකට සහල් අලෙවි කළ සුපිරි වෙළඳසැල් හිමිකරුවෙකුට ලක්ෂයක දඩයක්

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට ආනයනික කිරී සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ දී වරද පිළිගත් සුපිරි වෙළෙඳසැල් හිමිකරුවෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළා. මෙසේ දඩ මුදලක් නියම කරනු ලැබුවේ සුපිරි වෙළෙඳසැල් හිමිකරුවෙකුට ය.…

නත්තලට පොලිසිය සුදානම් : ආගමික ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

උදාවන නත්තල වෙනුවෙන් සිදු කරනු ලබන ආගමික උත්සව ඇතුලු සියලුම වැඩසටහන් සඳහා ආරක්ෂාව ලබාදීමට වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි සහකාර පොලිස් අධිකාරි මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ.වුට්ලර් පවසනවා. තවද මෙම උත්සවය සමයේදී යම් කිසි සැකකටයුතු දෙයක්, පුද්ගලයෙක් කණ්ඩායමක් සම්බන්ධයෙන් චකිතයක් ඇති වුවහොත් වහාම…

ගංවතුරට හසු වූ පේරාදෙණිය සරසවියේ පීඨ 2ක් 29දා ඇරඹේ

කෘෂිකර්ම හා පශු වෛද්‍ය පීඨ මේ මස 29 වැනිදා විවෘත කළ ද කළමනාකරණ පීඨය විවෘත කරන දිනයක් තවම ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඊට හේතුව කළමනාකරණ පීඨයට දැඩි හානි ගංවතුරින් සිදුවූ බවත් එහි එක් ගොඩනැගිල්ලක් මුළුමනින්ම දින කිහිපයක් ගංවතුරට හසු වී…

දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයෑමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොලුව, උඩුදුම්බර, මිනිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නායයාම් රතු නිවේදන…

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන,…

පුද්ගල ඝාතනයකට සම්බන්ධ පුද්ගලයින් 07ක් අත්අඩංගුවට

හින්දු ජාතිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනෙකු බංග්ලාදේශ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව පවසමින් ඇඟලුම්කම්හල් සේවකයෙකු වන 27 හැවිරිදි අදාල පුද්ගලයා පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඔහුගේ…

කුලියාපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිට එරෙහිව විමර්ශනයක් ඇරඹේ

පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගල‍යෙක් අත්අඩංගුවට ගැනීමට ගොස් එම පුද්ගලයාට පොල්ලකින් කළ පහරදීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසි‍යේ අපරාධ අංශ‍යේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. කුලියාපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති ධුරයෙන් ද ඔහු ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා මාවතගම පොලීසියට…