News Editor

News Editor

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරේ ප්‍රගති සමාලෝචන සාකච්ජාව ජනපති ප්‍රධානත්වයෙන්

2025 වසරට අදාළව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති, ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ (11) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන්…

අත්අඩංගුවට පත් ප්‍රසන්න රණතුංග අධිකරණයට රැගෙන එයි

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ප්‍රසන්න රණතුංග එම කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට…

නොවැම්බර් මාසයේ අස්වැසුම දීමනාව හෙට බැංකු ගිණුම් වෙත

ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත හෙට (13) බැර කෙරෙන බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.

බස් – ත්‍රිවිල් අනතුරක්

ගෙලිඔය නගරය ආසන්නයේ කරමඩ ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. තුවාලකරුවන් දෙදෙනෙකු මේ වනවිට පේරාදෙණිය රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පැවසීය.

ශ්‍රී ලංකා රේගුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ (11) දිනයේදීම පසුකර ගිය බව ශ්‍රී ලංකා රේගුව පවසයි. නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් පවසා සිටියේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රු. බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඊයේ දිනය…

ඖෂධ වර්ග 500 කට උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක වන්නේද යන්න සොයා විමර්ශන ආරම්භ කෙරේ

උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේ ද යන්න පිළිබඳව දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. මේ වන විට 500 කට ආසන්න ඖෂධ සංඛ්‍යාවක උපරිම සිල්ලර මිල නියම කර ඇති බවත්,…

ජලයමත පාවෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ නියමු ව්‍යාපෘතියක්

රොබෝ තාක්ෂණය යොදා ගනිමින් 5G තාක්ෂණයෙන් මෙහෙයුම් කරනු ලබන ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ ව්‍යාපෘතියක් ඩයලොග් ආසියාටා සමාගම සහ සමුද්‍රිය පරිසර අධිකාරීයේ ඒකාබද්ධ සහයෝගයෙන් ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය යටතේ, 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෝබෝ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා…

සමස්ත අප­රා­ධ­ව­ලින් සියයට 70ක විම­ර්ශන අව­සන්

මෙර­ටින් වාර්තා වී ඇති සමස්ත අප­රා­ධ­ව­ලින් 70%කට ආසන්න ප්‍රමා­ණ­යක විම­ර්ශන පවත්වා අව­සන් කිරී­මට පොලී­සි­යට මේ වන විට හැකි­යාව ලැබී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක, සහ­කාර පොලිස් අධි­කාරී එෆ්.යූ. වුට්ලර් මහතා පොලිස් මාධ්‍ය කොට්ඨා­සයේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය හමු­ව­කදී පැව­සුවේ පොලී­සි­යට…

බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබේ. ගොවි ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන මෙම රක්ෂණ ක්‍රමය සැලසුමක් සකස් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මෙහිදී වගා කරන ලද…

අරුවක්කාලු පුරාවිද්‍යා භූමියට හානි කළ අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

අරුවක්කාලු පුරාවිද්‍යා භූමිය තුළ පරිසර හානියක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ඔහු ඊයේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය මගින් සැකකරු ඊයේ…