News Editor

News Editor

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28  දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු…

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසයි. සිය ඉල්ලීම්වලට රජයෙන් මේ වන තෙක් යහපත්…

පෙබරවාරි මාසයේ උද්ධමනය 1.6% දක්වා පහත වැටෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 2026 පෙබරවාරි මාසයේදී 1.6% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. 2026 ජනවාරි මාසයේදී මෙම අනුපාතය සටහන් වූයේ 2.3% ක් ලෙසයි. ජනවාරි මාසයේ…

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද පහතට

කොළඹ කොටස් වෙළඳපොළේ අද (27) දින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) පහත වැටීමක් වාර්තා කර තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය (ASPI: ඒකක 23,734.06 ක් ලෙස සටහන් වී ඇති අතර, එය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 47.17 කින් (0.20%) පහත…

පියංකර ජයරත්නට එරෙහි නඩුවක සාක්ෂි විභාගය මාර්තු 24 කැඳවීමට නියෝග

දූෂණ චෝදනාවක් මත හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ…

iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ, අයිෆෝන් (iPhone) පරිශීලකයන් වෙත බවයි සඳහන් වන්නේ. මෙම ගැටළු සම්බන්ධයෙන් මේ වනවිට Downdetector වෙබ් අඩවිය වෙත පැමිණිලි ද ලැබී ඇති බව එම…

ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් 15 හැවිරිදි දරුවෙකු මරුට

ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ 15 හැවිරිදි දරුවෙකු ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් ඊයේ උදෑසන අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබෙනවා ගල්ගමුව පොලිස් වසමේ 39 කන්ද ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී වන අතර මෙම දරුවා ට්‍රැක්ටර් රථයක රියදුරු අසුන අසල ඇති කොටසට නැගීමට යාමේදී ඇදවැටී ඇති බවයි…

ඉරානය සහ කටාර් අතර ගුවන් ගමන් සීමා වෙයි

කාටාර් එයාර්වේස් (Qatar Airways) සමාගම විසින් ඉරානය වෙත සහ ඉරානයේ සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් කිහිපයක් තාවකාලිකව අත්හිටුවීම ජුනි 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව එම ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. අදාළ නිවේදනයේ දක්වා ඇති කාලසටහනට අනුව,…

විපක්ෂනායකවරයා ගල් අඟුරු වංචාව ගැන වෝහාරික විගණනයක් ඉල්ලයි

විදුලිබල පනත අනුව බාල ගල් අඟුරු හේතුවෙන් සිදු වූ පාඩුව විදුලි බිලට එකතු කිරීමට නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. එමෙන්ම, වෝහාරික විගණනයක් සිදු කර, ගල්අඟු‍රුවලින් සිදුව ඇති දූෂිත ගනුදෙනු පිළිබද සෙවිය යුතු බවයි ඊයේ (26) මාධ්‍ය වෙත විශේෂ…

කිරිබත්ගොඩ රජයේ ඉඩමකට කූට ලේඛන සෑදූ බවට මර්වින් සිල්වාට සහ ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට අද (27) ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා භාර දුන්නා. ඒ, ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය…