News Editor

News Editor

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් දුන් පුද්ගලයින් කිහිපදෙනෙක් CCD අත්අඩංගුවට

නේපාලයේ සිට අත්අඩංගුවට ගෙන රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකාවක් වන ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන, අලුත්ගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි අතර, බස්නාහිර…

අන්තර්ජාල සේවා අවුල ගැන ICTA නිවේදනයක්

රාජ්‍ය ආයතන රැසක වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය කරමින් බිඳ වැටුණ රජයේ ක්ලවුඩ් (LGC) සේවා යථා තත්ත්වයට පත් කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව LGC හි සේවාවන් කිහිපයකට අඛණ්ඩව බාධා පැමිණෙමින්…

නැගෙනහිර පළාතේ පාසල්වලටත් 21 දා නිවාඩු

හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය ලබන 20 දාට යෙදී ඇති බැවින් 21 වෙනිදා නැගෙනහිර පළාතේ සියලුම හින්දු පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව පළාත් ආධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ආර්. හසන්ති පැවසුවා.  පාසල්වල සේවය කරන හින්දු බැතිමතුන්ගේ බහුතරයකගේ ඉල්ලීම සලකා ආණ්ඩුකාර මහාචාර්ය…

කටුනායක Check-in වේලාවේ වෙනසක්

අද (17) මධ්‍යාහ්න 12 සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වෙන ගුවන් මගීන්ට නියමිත ගුවන් ගමන් වේලාවට පැය 4කට පෙර ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවට අවසර ලබාදී තිබේ. එමඟින් ගුවන් මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුවන් මගීන්…

විමල්ගේ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස්…

නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (17) පස්වරු 4 සිට හෙට පස්වරු 04 දක්වා වූ කාලය තුළ මෙම…

වැස්ස නිසා කොළඹ හිරවෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ පාරවල් කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ. ප්‍රදේශ රැසකට අද (17) පස්වරු කාලය තුල ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…

අගමැති හරිනි ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබේ. මේ සම්බන්ධව X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් වන බවය. මෙම…

“පාලකයාට ඔිනි විදියට නීති හදපු යුගය අවසන් “ – ජනපති

පොදු පුරවැසියන් එකඟ නොවන නීතී පාර්ලිමේන්තුවේ දී සම්මත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි ජනාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද (17) පැවැති ජාතික ගුරු සමුළුවට එක්වෙමිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර…