News Editor

News Editor

කළුතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

කළුතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය. ගින්න විනාඩි 20ක පමණ කාලයක් පැවතී ඇති අතර, එමඟින් ට්‍රාන්ස්ෆෝමරයේ කොටසකට හානි සිදුව තිබේ. පසුව කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ලෙකෝ සේවකයින් පැමිණ…

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමට

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. කොලොන්නාව, කෝට්ටේ, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති පුද්ගලයන් සැලකිලිමත් වන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

දෙමටගොඩ රුවන්ට ඇප ලබාදීමට උපකාර කිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක අල්ලසක් ගත් සිද්ධියේ සැකකරුවකු ලෙස දුමින්ද සිල්වා නම් කරයි

අයථා ලෙස වත්කම් ඉපැයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘දෙමටගොඩ රුවන්’ නමැති සැකකරුට ඇප ලබා දීම සඳහා අවශ්‍ය උපකාර කිරීමට රුපියල් ලක්ෂ 150 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව ඉදිරිපත්…

වංචනිකව පවත්වාගෙන ගිය රැකියා ඒජන්සියක් වටලයි

ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින්, ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, හෝටල් ක්ෂේත්‍රයේ හා රියදුරු රැකියා සඳහා පුද්ගලයන් යොමු කිරීමට කටයුතු කළ කුරුණෑගල, මහව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 10.30 කාලය…

යුද ගැටුම් නිසා අත්හිටවූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු මගී ගුවන් යානය ඩුබායි බලා ගමන් කරයි

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින්, පළමු ගුවන් යානය ඊයේ (03) සවස කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව, FitsAir ගුවන් සේවයට අයත් 8D 821 ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්, යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ජනාධිපතිගෙන් ආරාධනයක්

ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරාධනා කර තිබෙනවා. ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ (02) වතිකානයේදී එහි රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් Msgr.…

ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථානවලට දැඩි හානී

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හමුවේ ලොව ප්‍රමුඛතම Cloud Services සපයන්නා වන ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  දත්ත මධ්‍යස්ථාන දෙකකට සෘජුවම හානි සිදුව ඇති අතර බහරේනයේ පිහිටි…

මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (03) පාර්ලිමේන්තුවේ දී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය…