News Editor

News Editor

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සිය ධුරයෙන් තාවකාලිකව ඉවත් වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය මංජුලා විතානපතිරණ තාවකාලිකව සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් වන තෙක්…

නවගමුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. ඒ අනුව, පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම වෙඩි තැබීමෙන් එක් අයකු මිය ගොස් ඇති අතර, අනෙක් දෙදෙනා…

අද කාලගුණ නිවේදනය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින්, ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්…

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, * 12.5KG ගෑස් – රු.150 කින්  (නව මිල රු.4,250) * 5KG ගෑස්  – රු.65 කින්…

පුනරුදයට මග වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය මාර්ග 76 ක් සංවර්ධන කිරීම අද සිට ආරම්භ වෙයි

පුනරුදයට මග වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය උසස් කරමින්, ජනතා ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සඳහා ග්‍රාමීය මාර්ග 76 ක් සංවර්ධනය කිරීමේ කටයුතු අද (01) සිට ආරම්භ වී තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම…

මාවනැල්ලේ දී කාන්තාවන් 2ක් ඇතුළු තිදෙනෙකු ඝාතනය කෙරේ

මාවනැල්ල නෑහිඳ ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. මාවනැල්ල පොලීසිය සඳහන් කළේ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවය.

නව වසරට රනිල් වැඩ අරඹයි

නව වසර වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) වැඩ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ පැවති උත්සවය වෙනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා එක්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ. අද පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා…

ජපානයේ නෝඩා කලාපයට ඔබ්බෙන් රික්ටර් මාපක 6ක භූ කම්පනයක්

ජපානයේ නැගෙනහිර නෝඩා (Noda) කලාපයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (31) රික්ටර් මාපකයේ 6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා. එය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙසයි. මෙම භූ…

ආහාර නොවන උද්ධමනය ඉහළට

ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති 1.7% සිට 1.8% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර 2025 දෙසැම්බර් මාසයේදී 2.1%ක් ලෙස පැවති සමස්ත උද්ධමන අනුපාතය වෙනස් වී නැතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා…