News Editor

News Editor

මෙවර යල කන්නයේ කුඹුරු ඉඩම් හෙක්ට­යාර් 7686ක වී වගා­වට හානි කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව කියයි

කෘමි වසං­ගත හා ගංව­තුර හේතු­වෙන් මෙවර යල කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ට­යාර් 7686ක වගා හානි වාර්තා වී ඇතැයි කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. මෙයින් ගංව­තුර නිසා හානි­යට පත් කුඹුරු ඉඩම් ප්‍රමා­ණය හෙක්ට­යාර් 2908කි.රෝග හා පලි­බෝධ හානි නිසා හෙක්ට­යාර්…

උල්හි­ටිය රත්කිඳ ජලා­ශයේ පිට­වානේ ගේට්ටු 5ක් අරී ජන­තා­වට විම­සි­ල්ලෙන් සිටි­න්නැයි උප­දෙස්

උල්හි­ටිය රත්කිද ජලා­ශයේ ජල මට්ටම ඉහ­ළ­යෑ­මත් සමඟ අද (9) පස්ව­රුවේ ජලා­ශයේ පිට­වානේ ගේට්ටු පහක් විවෘත කළ හෙයින් ජලා­ශ­යට පහළ ජන­තා­වට දැඩි විම­සි­ල්ලෙන් සිටි­න්නැයි උල්හි­ටිය රත්කිද ජලාශ භාර නිල­ධාරි දීප්ත ජය­සේ­කර මහතා පව­සයි. 2024 යල­ක­න්න­යට උල්හි­ටිය රත්කිද ජලා­ශ­යෙන් වාරි ජලය නිකුත්…

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි…

ඉරාකයේ විවාහ වයස් සීමාව පහළ දැමීමට යෝජනාවක්

ඉරාකයේ කාන්තාවන් විවාහ වීමේ නීත්‍යානුකූල වයස අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළව යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. වර්තමානයේ විවාහය සඳහා අවම වයස අවුරුදු 18 ලෙස නියම කර ඇති අතර එම වයස් සීමාව අවුරුදු 9 දක්වා අවම කිරීම සඳහා වන…

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි බස්නාහිර, උතුර සහ…

ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රී සේවා ලෙස විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි බස් රථ 438 ක්…

මෝදි බංග්ලාදේශයට කියූ පණිවිඩය

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් හට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තම සුබ පැතුම් එක් කර තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා තම X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ හින්දු සහ අනෙකුත් සියලුම සුළුතර ප්‍රජාවන්ගේ ආරක්ෂාව…

නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යටත් අදාළයි -මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මාධ්‍ය ආචාරධර්ම ගැසට්…

සියලු පක්ෂවලට සජබෙන් පූර්වාදර්ශයක්

අද (09) ලැබුණු අධිකරණ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු ආසන අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන් පත් කිරීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් සිදු නොකිරීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇති බව වාර්තා වනවා. මීට සුලු මොහොතකට…

ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් වෙනුවෙන් පළමුවරට වෘත්තීමය ගෞරව නාමයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට පුරෝගාමී දායකත්වයක් සපයන ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් උදෙසා “වියමන්වරිය” යන වෘත්තීමය ගෞරව නාමය හඳුන්වාදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් වෙනුවෙන් මෙවැනි වෘත්තීමය ගෞරව නාමයක් ලබාදීම පිළිබඳව කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමා…