News Editor

News Editor

අමෙරිකාවේ තානාපති කළ ඉන්දීය හිටපු විදේශ ලේකම්

ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා, අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෝහන් ක්වාත්‍රා එක්සත් ජනපදයේ හිටපු ඉන්දීය නියෝජිත මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ…

ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය අවසන්

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද (14) මධ්‍යහ්න 12න් අවසන් වුණා. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම හෙට (15) උදෑසන 9 සිට 11 දක්වා කාලය තුළ ආරම්භ කිරීමට නියමිතයි. නාම යෝජනා භාරගැනෙන හෙට…

අනුර ප්‍රියදර්ශන යාපා නායකත්වය ගනිමින් නව සන්ධානයක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා ඉදිරිපත්වූ පක්ෂවල සාජිකයින්ගේ සහභාගීත්වයෙන් නව දේශපාලන පෙරමුණක් බිහි කිරීමේ මූලාරම්භය මීට සුළු වේලාවකට පෙර සනිටුහන් කෙරුණා. ඒ අනුව කලක් මෙරට ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ පොදුජන එක්සත් පෙරමුණ නැවතත් බල ගන්වමින් පුටුව…

අද සිට අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් අකුරට වැඩ

2016 වසරේ සිට මේ දක්වා වරින් වර සිදුකළ ඉල්ලීම් හා වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ කිසිදු රජයක් අවධානය යොමු නොකිරීම හේතුවෙන් 15 දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අවධාරණය කර තිබෙනවා. මහනුවරදී අද (14)…

ජනපති සටනට නාමල් වෙනුවෙන් ඇප තැන්පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මීට සුලු මොහොතකට පෙර ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ සඳහා පක්ෂ මහලේකම් නීතඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බව සඳහන්. මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද…

ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

ලබන වසර සඳහා වන අයවැය මඟින් රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24%ත් 35%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අවම මූලික වැටුප ඉහළ නැංවීමෙන් පසු රාජ්‍ය අංශයේ පහළම ශ්‍රේණියේ සේවකයන්ටත්, සේවා නියුක්ත කම්කරුවන්ටත් රුපියල් 50,000ක වැටුපක් හිමිවීමට…

වාලම්පුරියක් සමඟ සැකකරුවෙකු පොලිස් රැහැනට

දිවුලපිටිය නගරයේදී වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලීසිය සමත්වී තිබෙනවා. රුපියල් ලක්ෂ 13ක මුදලකට එම වාලම්පුරිය අළෙවි කිරීමට සූදානම්ව සිටින බවට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක්…

අදත් තරමක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

ජාතිවාදයට එරෙහිව එංගලන්තයේ ජනතාව විරෝධතා රැලි අරඹයි

ජාතිවාදයට එරෙහිව සහ සංක්‍රමණිකයන්ට සහාය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් එංගලන්තය පුරා වීදි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විරෝධතා ආරම්භ වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර එංගලන්තය පුරා මුස්ලිම් ජාතිකයන් හා සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීම හේතුවෙනි.…

බංග්ලාදේශයේ හින්දු බැතිමතුන් ආරක්ෂා කරන්නැයි එරට හින්දු ප්‍රජාව අමෙරිකානු පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ සුළුතර හින්දු ජාතිකයන් ආරක්ෂා කරන ලෙස අමෙරිකාවේ හින්දු බැතිමතුන් එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ අගමැතිනිය ශෙයික් හසීනා ධුරය හැර යෑමෙන් පසු එරට හින්දු ජාතිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දරුණු ලෙස උත්සන්න වී ඇති බවත්,…