News Editor

News Editor

දිලිත් ජයවීර නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර නාමයෝජනා පත්‍රයට අද (14) අත්සන් තබා තිබෙයි. ඒ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීයි.

මන්නාරම ඓතිහාසික මරුදමඩු මංගල්ලය හෙට

මන්නාරම ඓතිහාසික මරුදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය හෙට ඇරැඹීමට නියමිත අතර (15 වැනිදා) අවශ්‍ය සියලු කටයුතු යොදා ඇතැයි මන්නාරම රදගුරු අතිඋතුම් එමානුවල් ප්‍රනාන්දු හිමිපාණෝ ප්‍රකාශ කළහ. මන්නාරම මඩු දේවස්ථානයේ අද (14) රාත්‍රියේ පැවැත්වෙන විශේෂ පූජාවෙන් හා 15 වැනිදා උදෑසන පැවැත්වෙන ආශීර්වාද…

සිය පුරවැසියන්ට ආරක්ෂාව දෙන්නැයි චීන රජය පාකිස්තානයෙන් ඉල්ලයි

සිය පුරවැසියන්ට පාකිස්තානයේදී එල්ල වන ප්‍රහාර වැළැක්වීමට රජය අසමත් වීම හේතුවෙන් එරට ක්‍රියාත්මක වන චීන- පාකිස්තාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතියට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට ආරම්භ වීමට නියමිතව ඇති එම ව්‍යාපෘතියේ දෙවැනි අදියරට පෙර…

පාකිස්තානයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි අත්අඩංගුවට

පාකිස්තානයේ ජාතික බුද්ධි ඒජන්සියේ හිටපු ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ෆායිස් හමීඩ් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමීපතම හිතවතකු බව කියන බුද්ධි ඒජන්සියේ හිටපු ප්‍රධානියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී විමර්ශනයක් බව කියමින් 2017 වසරේදී එරට ප්‍රමුඛතම…

මකුණන් රටට ඇතුළු වීම වැළැක්වීමට කොරියාවෙන් ගුවන්තොටුපොළේදීම පියවර-පැරීසියේ සිට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගමන්මලු පරීක්ෂාවට සුනඛයෙක්

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පැරිස් නුවර ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරින් සහ ක්‍රීඩාලෝලීන් නැවත පැමිණෙන විට මකුණන් වැනි කෘමීන් රටට ඇතුළු වීම අවම කිරීම සඳහා දකුණු කොරියානු රජය ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මකුණන් හඳුනා ගැනීමට විශේෂයෙන් පුහුණු වූ සුනඛයකු යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය…

බංග්ලාදේශයේ ආර්ථිකයට සිදුවූ පාඩුව ඩොලර් බිලියන 450ක් බවට තක්සේරුවක්

ජූලි මස මැද භාගයේ සිට අගෝස්තු මස මුල් භාගය දක්වා සති තුනක කාලයක් පුරා බංග්ලාදේශයේ පැතිරී ගිය විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 450ක විශාල පාඩුවක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රට පුරා ප්‍රචණ්ඩත්වය පැතිරී…

ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට ගිය ක්‍රීඩක පිරිස පදක්කම් ලබා දිවයිනට එයි

මැලේසියාවේ පැවති 16 වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එහිදී රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ඊයේ (13)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම…

බස්නාහිර පළාත් කරාටේ බාලක ශූරතාව තර්ස්ටන් විදුහලට

බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති බස්නාහිර පළාත් පාසල් කරටේ තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් විය. එහිදී තර්ස්ටන් විදුහල් ක්‍රීඩකයෝ රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත්හ. ජයග්‍රාහී කණ්ඩායම, පසු පෙළ (වමේ සිට) –…

ශ්‍රී ලංකා පිල අද සිව්දින පුහුණු තරගය අරඹයි

එංගලන්තයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව අද (14) වෝස්ට්ෂයර්හිදී සිව්දින පුහුණු තරගයකට එක්වෙයි. මේ සංචාරයට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් ලෙස එංගලන්තයට ගිය අතර, මේ වන විට එම සංචාරයට නම්…

කැරලිකරුවන්ට දඬුවම් කළ යුතුයි -නිහඬතාවය බිඳිමින් හසීනා කරළියට

බලයෙන් පහ කළ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, ඩකා නුවරින් පිටව ගිය පසු සිදුකළ අදහස් දැක්වීමකදී ප්‍රකාශ කර තිබෙන්නේ රටෙහි කැරලිකරුවන්ට දඬුවම් කළ යුතු බවට ඉල්ලා සිටින බවයි. බංග්ලාදේශයේ නිර්මාතෘවරයා ද වූ තම පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ප්‍රතිමාව විනාශ කිරීම…