News Editor

News Editor

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද ප.ව 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. . සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවති. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු,…

මෛත්‍රී වොෂින්ටන් බෞද්ධ විහාරය‌ට යයි

අමෙරිකාවේ විශේෂ සංචාරයක නිරත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී හි වොෂින්ටන් බෞද්ධ විහාරය සහ මේරිලන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. එහිදී මහා සංඝරත්නය පිරිත් සජ්ඡායනා කරමින් මෛත්‍රීපාල සිරිසේන ට ආශිර්වාද කළේය‍. එම අවස්ථාවට එක්ව සිටි…

මෙරට 07වැනි නාවික හමුදාධිපති දැයෙන් සමු ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර මහතා ඊයේ (17) අභාවප්‍රාප්තවී තිබේ. 1951 වර්ෂයේ ජූලි මස 23 වන දින රාජකීය ලංකා නාවික හමුදාවේ උපන් ලුතිනන් වරයෙක් ලෙස අධිකාරියට පත්ව…

මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ දී පසුගිය 12වැනිදා යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිණිඅවියකින් කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කර මුදල් කොල්ල කෑමක් සම්බන්ධව මීගොඩ පොලිසිය…

රාජ්‍ය නියෝජිතයෝ රැසක් ශ්‍රී ලංකාවට

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීමට රාජ්‍ය නියෝජිතයෝ රැසක් ශ්‍රී ලංකාවට පැමිණෙති. මෙම සමුලුව හෙට (19) ආරම්භවීමට නියමිතය. එම සමුළුව හෙට සිට සිට 22 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ. මෙම සමුළුවට ආසියා…

කුරුණෑගල, ගිරිබාව වැව් දෙකක පිළිසකර කටයුතු ඇරඹෙයි

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුනරුත්ථාපනය කරන වැව් දෙකක කටයුතු ඊයේ (17) දින ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මේ…

චීනයේ ජයග්‍රාහී සංවර්ධනයට ජගත් මහා මණ්ඩල සභාපතිගෙන් පැසසුම්

යටිතල පහසුකම් සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, කාන්තා අයිතිවාසිකම් සුරැකීම හා අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් චීනය ලබා ඇති ජයග්‍රහණ තමා සියැසින් දුටු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි මහා මණ්ඩලයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් Dennis Francis මහතා කියාසිටී.  එම ජයග්‍රහණ එක්සත් ජාතීන්ගේ සංවිධානය…

සෞඛ්‍ය සේවක ගැටලු ගැන සඳුදා විශේෂ සාකච්ඡාවක්

සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ ලබන සඳුදා එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. අදාළ සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය…

රථ වාහන වැරදි සිදුකළ 793 ක් CCTV මඟින් හඳුනා ගනියි

මේ මාසයේ ගත වූ දින 15ක කාලය තුළ කොළඹ නගරය ආශ්‍රිතව CCTV දර්ශන මඟින් වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 793 දෙනෙකු හදුනාගත් බව පොලීසිය පවසනවා. අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ස්ථාන 300කට පමණ තොරතුරු දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය…

යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලු වාහන කිහිපයක් යලි හිමිකරුවන් වෙත භාරදෙයි

යුක්තිය මෙහෙයුම යටතේ වැලිවිට ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ඥාතියෙකු භාරයේ තිබී සැකපිට පොලිස් භාරයට ගත් බස් රථ 05 ක් ඇතුළු රථවාහන‍, අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව යළි භාරදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. කඩුවෙල පොලිස් ස්ථානය විසින් සිය භාරයට ගත් එම රථවාහන…