News Editor

News Editor

බංග්ලාදේශයට විදුලිය සැපයූ ඩොලර් මිලියන 500ක හිඟ මුදල් ඉල්ලා ගෞතම් අදානි අන්තර්වාර රජයට අනතුරු අඟවයි

බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම හිඟ මුදල මෙතෙක් නොගෙවීම හේතුවෙන්…

අභියෝග ජයගන්නා බවට මාලදිවයිනේ මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්

වසර 2026දී එක වරකල් පිරෙන සුකුක් බැඳුම්කර ඇතුළු ණය ආපසු ගෙවීමේ දුෂ්කරතාවට පත්ව සිටියද එම වගකීම ඉටු කිරීමට රජය සමත්වනු ඇතැයි මාලදිවයිනේ මුදල් ඇමැති ආචාර්ය මොහොමඩ් ෂෆීක් විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 25ක කූපන්…

ජාතික ගීය සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ යළි විරෝධතා

බංග්ලාදේශයේ ජාතික ගීය සහ ජාතික ධජය වෙනස් කළ යුතු බවට පසුගියදා එරට ජමාටි ඉස්ලාම් දේශපාලන සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ විශාලතම සංස්කෘතික ව්‍යාපාරය වන උඩිචි ශිල්පි ගොස්ති සංවිධානය රට පුරා විරෝධතා ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

ක්‍රීඩා ලොව වැඩිම ආදායම ඉපැයූ ක්‍රීඩකයා රොනාල්ඩෝ-කෝටි 3021ක් ආදායම් ලැබූ කෝලි 9 වැනි තැනට

ක්‍රීඩා ලෝකයේ වසරක වැඩිම ආදායම් ඉපයූ ක්‍රීඩකයා ලෙස පෘතුගාලයේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉතිහාසගත වෙයි. 2023 සැප්තැම්බර් 1 සිට 2024 සැප්තැම්බර් 1 දක්වා කාලය තුළ රොනාල්ඩෝ ඉන්දීය රුපියල් කෝටි 2081ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7428ක්) උපයාගත් බව මාධ්‍ය වාර්තා සඳහන්…

රනිල්ගේ සහායට රිෂාඩ්ගේ පක්ෂයේ ප්‍රබලයෝ රැසක්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පූර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රබලයෝ රැසක් පවසති. උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අලිකාන් ෂෙරිෆ්, මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති…

රාජ්‍ය සේවක වැටුප වැඩි කළේ ඡන්දය නිසා නොව 2025 ජනවාරි වැටුප් වැඩි කිරීමේ සැලසුමක් තිබූ නිසයි-කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීමට රජය තීරණය කළේ ජනාධිපතිවරණය නිසා නොව 2025 ජනවාරි සිට වැටුප් වැඩි කිරීමේ සැලසුමක් රජයට තිබූ නිසා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ආර්ථික අපහසුතා මත දැනට ලබන වැටුපෙන් ජීවත් වීමට නොහැකි…

පරමාදර්ශී ජාතික දේශපාලනයේ දෑත පිරිසුදු හදවතක සුවඳ-දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර්

අද අප ජීවත් වන්නේ දේශපාලනඥයකු, ජාතික නායකයකු පිළිබඳ වුව කතා කරන විට ඉතා පරිස්සමින් කතා කළ යුතු වාර්තමානයක. එහෙත් දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතා ගැන කතා කිරීමේදී කවර ලෙසකින්වත් මා තුළ යම් චකිතයක් පැන නොනඟින්නේ විශේෂ හේතු ගණනාවක් නිසා.…

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනයට ඉන්දියාවෙන් අ.ඩො. මිලියන 65ක මුදලක්

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබාදීමට එකඟ වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය පෙරේදා (8දා) ප්‍රකාශයට පත් කර තිබේ. කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීමෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර…

ඇඹිලිපිටිය ප්‍රා. සභාවට උවිඳු විජේවීර අද නාමයෝජනා දෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව සඳහා දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයෙන් ඇප හා නාමයෝජනා අද (10) දිනයේ භාර දීමට සූදානම් වේ. ඒ මහතා ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් තම පක්ෂය සඳහා නාමයෝජනා හා…

‘රනිල්ට පුළුවන්’ ගම්පොළ ජන රැලියට අතිවිශාල ජනතාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ගම්පොළ නගරයේදී ඊයේ (09) පස්වරුවේ පැවැති “රනිල්ට පුළුවන්“ ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අයුරු.