News Editor

News Editor

ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ ඉහළ යාමක්

රට තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වසරේ ගතවූ කාලය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු 743 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. ඒ අතරින්…

කංසා භාවිතය දියවැඩියාව වැළඳීමේ අවධානම හතර ගුණයකින් වැඩි කරයි

නව අධ්‍යනයකට අනුව කංසා භාවිතා කරන පුද්ගලයන්ට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවධානම, කංසා භාවිතා නොකරන පුද්ගලයන්ට වඩා හතර ගුණයකින් පමණ වැඩි බව සොයා ගෙන තිබේ. මැසචුසෙට්ස් හි බොස්ටන් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ඊබ්‍රාහීම් මහතා ප්‍රමුඛ පරීක්ෂණ පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදය සහ…

ජනපති හෙට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් වේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට…

කලුතර ‍රෝහලේ මැර තර්ජනය ගැන GMOA අනතුරු අඟවයි

කලුතර නාගොඩ රෝහ‌ලේ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ලයට මැර තර්ජන එල්ල කළ පිරිස වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර නොගතහොත් හෙට (22) දිනයේදී වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම වෛද්‍යවරුන් ඇතුළුව සමස්ථ කාර්ය…

වෑන් රථයක ගැටී කතක් මියයයි

නව නුවර මාර්ගයේ දි මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් වෑන් රථයක ගැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (20) දින සවස් කාලයේ වැලිවේරිය පොලිස් වසමේ නව නුවර මාර්ගයේ ජයන්ති මාවත හන්දිය ආසන්නයේදී බැලුම්මහර දෙස සිට වැලිවේරිය දෙසට ධාවනය වූ…

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව මුණසිංහ අද (21) උදෑසන මිය ගොස් තිබෙනවා. මියයන විට ඔහු 47 වැනි වියේ පසු වුණා. අද උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට ගොස් සිටියදි පෙ.ව 6.00ට පමණ ඔහු ඇද වැටී තිබෙනවා. ඒ හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට…

ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය ඇමති කියයි

මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවය. එමෙන්ම මේ වන විට ඖෂධ ගෙන්වීම සඳහා…

රට පැන්න අපරාධකරුවන් 30කට රතු නිවේදන නිකුත් කළා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

විදේශ රාජ්‍යයන්වල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 30 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ…

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 8,000ක් අවභාවිතය ගැන විමර්ශනයක් – නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව රුපියල් මිලියන 8,000කට අධික මුදලක් අවභාවිතා වී ඇතැයි අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හරහා එම තොරතුරු අනාවරණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. බුද්ධ සාශන සහ ආගමික කටයුතු නියොජ්‍ය අමාත්‍ය ගමගෙදර…

බලවත්ගමදි තියුණු ආයුධයකින් ඇණ පුද්ගල ඝාතනයක්

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී සිදු කර ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (20) රාත්‍රී කාලයේ හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර ඇති බවට හෙම්මාතගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු සිදු…