Month March 2026

QR ක්‍රමවේදය පිළිබඳ වංචනික වෙබ් අඩවියක් ගැන ශ්‍රී ලංකා CERT වෙතින් දැනුම් දීමක්

ජාතික ඉන්ධන අවසර පත්‍ර පද්ධතියට ප්‍රවේශය ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය සහ පණිවිඩ වේදිකාවල සංසරණය වන වංචනික වෙබ් අඩවියක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට(CERT) විශ්වාස දායක ලෙස දැනගන්නට ලැබී ඇතැයි සදහන් කෙරේ. මෙවැනි වෙබ් අඩවි පරිශීලකයින් නොමඟ යැවීමට…

සිලි බෑග් භාවි­තය 50%කින් අඩු වෙලා

සිලි බෑග් සඳහා මිල නියම කිරී­මෙන් පසුව සිලි බෑග් භාවි­තය සිය­යට 50කින් අඩු වී ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන කට­යුතු පිළි­බඳ ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පැව­සීය. මීට මාස 6කට පෙර දෛනි­කව මිලි­යන 26 බැගින් එකතු වූ සිලි­බෑග්…

ජාතික නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කිරීම අද

ජාතික නැකැත් සීට්ටුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසනවා. නැකැත් සම්බන්ධයෙන් මත පළකළ කණ්ඩායම් සහ විෂයභාර අමාත්‍යවරයා අතර ඊයේ (16) සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඒ අනුව විකල්ප නැකත් කණ්ඩායමේ ජ්‍යෝතීර්වේදීන්…

බදාදා දිනවල දුම්රිය ධාවනය සීමාවෙයි

බදාදා දිනවලදී දුම්රිය ධාවනය ද සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පවත්නා තත්ත්වය යටතේ බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන බවට රජය විසින් දැනුම් දී ඇති පසුබිමකයි.

UAE ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ. ඉරානය විසින් එල්ල කරන ලද නව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගුවන් ගමන්, කාර්ය මණ්ඩලය සහ ජාතික භූමිය ආරක්ෂා කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ලෙස එම තීරණය ගෙන ඇත.…

ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් හා පතොරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

බටපොල, වතුරවිල ප්‍රදේශයේදී ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් මිලිමීටර් 9 වර්ගයේ ජීව පතොරොම් 09ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට තිබේ. ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…

ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට

ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී තිබේ. එමෙන්ම අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන් ව ඇති බවද සඳහන් වේ. හෝමූස් සමුද්‍ර…

බදාදා උපකාරක පන්ති පැවැත්වීමත් තහනම්

බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර තීරණය කර තිබුණි. ඒ අනුව සෑම සතියකම බදාදා…

කාබුල්හි රෝහලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 400ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 400දෙනෙකු මියගොස් තවත් 250දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ප්‍රහාරය පකිස්ථානය විසින් එල්ල කර ඇති බවට ඇෆ්ගනිස්ථානය චෝදනා…