Month March 2026

UPDATE: ඉරානයේ නායකත්ව වගකීම් තාවකාලිකව දැරීම සඳහා තිදෙනකුගෙන් යුත් විශේෂ කවුන්සිලයක් පත් කරයි

ඉරාන උත්තරීතර නායකයාගේ අභාවයත් සමඟ රටේ සියලු ම නායකත්ව වගකීම් තාවකාලික ව දැරීම සඳහා තිදෙනකුගෙන් යුත් විශේෂ කවුන්සිලයක් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉරාන ජනාධිපති Masoud Pezeshkian, අධිකරණ ප්‍රධානියා සහ ආරක්ෂක මණ්ඩලයේ (Guardian Council) එක්…

UPDATE: අද දිනයේ මැදපෙරදිගට යන ශ්‍රී ලංකන් ගුවන් සේව​යේ සියලු යානා අවලංගු කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග බලා යන සියලු ගුවන් ගමන් අද දිනයේ අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින්…

UPDATE: ඉතිහාසයේ එල්ල කරන දරුණුතම ප්‍රහාරාත්මක මෙහෙයුම දියත් කරන බව ඉරාන හමුදා නිවේදනය කරයි

අමෙරිකානු හමුදා කඳවුරුවලට සහ ඊශ්‍රායලයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ බලකා ඉතිහාසයේ එල්ල කරන දරුණුතම ප්‍රහාරාත්මක මෙහෙයුම තව නොබෝ වේලාවකින් එල්ල කරන බවයි සඳහන්…

මැදපෙරදිග බලා යන ගුවන් යානා අද පස්වරු 5.00 දක්වා අත්හිටුවීමට තීරණය කරයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග බලා පිටත් වීමට නියමිත ව තිබූ ගුවන් ගමන් අද පස්වරු 5.00 දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම නිසා වෙනත් මාර්ග වෙත යොමු…

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගොස් ඇති බව එරට රජයේ රූපවාහිනී සේවය මීට ස්වල්ප මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කර සිටියා. ඒ අනුව අද සිට ඉදිරි දින 40ක කාලයක් ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි ඉරාන…

UPDATE: ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑනා සහ මුණුබුරා මිය ගිය බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණනුවන් සහ මුණුබුරා‍, එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල බලධාරීන් විසින් උත්තරීතර නායක කමේනි ද මිය ගොස් ඇති බවට ප්‍රකාශ…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අළුයම් කාලයේදී දිවයිනපුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ප්‍රහාරවලින් මිය ගියා – ට්‍රම්ප්

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගිය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා නිවේදනය කර තිබෙනවා. ඉතිහාසයේ සිටි අතිශය දුෂ්ට පුද්ගලයකු වූ කමේනි මිය ගොස් ඇති බවත්; මෙය ඉරාන ජනතාවට පමණක් නොව, සමස්ත අමෙරිකානුවන්ට ම…