Month January 2026

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී…

ලන්ඩන් ගමනට එරෙහිව රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ. අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබු…

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

ද. කොරියානු හිටපු ජනපති ආර්යාවට මාස 20ක සිර දඬුවමක්

දේශපාලන වාසි සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට දකුණු කොරියානු හිටපු ජනාධිපති ආර්යා කිම් කියොන් හී ට වසරක් සහ මාස 8ක (මාස 20) සිර දඬුවමක් පැනවීමට එරට අධිකරණයක් අද (28) නියෝග කළේය. හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ බිරිඳ වන කිම්, දේවස්ථානයකට ‍සම්බන්ධ…

ආසන පටි නීතිය අකුරටම: අද සිට උල්ලංඝනය කරන්නන්ට දඩ

මෙරෙට සිදුවන රථවාහන අනතුරු මරණ සහ බරපතල තුවාල අවම කිරීමේ අරමුණින්, ආසන පටි පැළඳීමේ නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දඩ පැනවීම අද (27) සිට දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. මෙම නීතියට අනුගත වීම සඳහා…

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට පණිවිඩයක්

ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඓතිහාසික බැඳීමකින් බැඳී ඇති හවුල්කරුවන් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ, ඊයේ දිනට යෙදී තිබුණු ඉන්දියාවේ 77 වන ජනරජ දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්. “ඔබේ…

වෘත්තිය ක්‍රියාමාර්ගය ගැන රජයේ වෛද්‍යවරු අද තීරණාත්මක සාකච්ඡාවක

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍ය කාරක සභාව අද දිනයේදී රැස්වීමට නියමිත අතර, එහිදී වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධ ඉදිරි තීරණ ගැනීමට නියමිතයි. එසේම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් අනිවාර්යයෙන් සිදුකරන බවත්, වෘත්තිය ක්‍රියාමාර්ගවලින් සිදුකරන බියගැන්වීම්වලට යටත් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…

අදත් බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ  තරමක…

තැන තැන සිදු වූ රිය අනතුරු – සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පදික කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (27) එම අනතුර සිදුව තිබුණේ මහරගම, රුවන්වැල්ල, කඩුවෙල සහ එගොඩඋයන පොලිස් වසම්වලදීය.  මහරගම, පන්නිපිටිය මංසන්දිය ආසන්නයේදී මහරගම දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගය හරහා ගමන්…

අනියම් පෙම මරණයකින් අවසන් වෙයි

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (27) දහවල් කාලයේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණේ, අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදීය. එලෙස මියගොස් ඇත්තේ, කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියෙකි. මරණකාරිය හා අනියම් පුරුෂයා…