Month October 2025

ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන ආ පරවියන් 149 ක් නාවික හමුදා භාරයට

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් සිටි පරවියන් 149 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට කල්පිටිය දක්වා පැමිණෙමින් තිබුණු යාත්‍රාවක් තුළ සඟවා සිටියදී මෙම පරවියන් සොයා ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන්…

සජබ නායකත්වය යටතේ එජාප සමග පොදු ගමනක් – සජිත්

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සමගි ජන බලවේගය අද (09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට…

සෑම දරුවන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් මානසික පීඩනයෙන්

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද එහිදී වැඩිදුරටත් හෙළිවී ඇත. සිදුකළ පර්යේෂණ හරහා මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා ළමා සහ…

පිලිපීනයට ප්‍රබල භූමිකම්පාවක්

පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබේ. ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. පිලිපීනයේ මින්ඩනාඕ කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසීය. මේ හේතුවෙන්…

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පෙදරේරුවාට වසර 10ක සිරදඬුවම්

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මන්නාරම ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් ඊයේ බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම නියම කර තිබේ. මෙසේ  දඬුවම් නියම වූයේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකුටය. 2022 වසරේ නොවැම්බර්…

වැඩි මිලට වතුර බෝතල් වික්ක ව්‍යාපාරික ස්ථානයකට රු ලක්ෂ 6ක දඩයක්

පාලන මිලට වඩා ඉහළ මිලකට පානීය ජල බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලය විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.  සැකකාර…

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද පෙරවරුවේ දී

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍යවරු දෙදෙනෙකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් ඒ අනුව වෙනස් වී…

යුද හමුදාවේ 7,979 දෙනෙකුට උසස්වීම්

76වැනි යුද්ධ හමුදා සැමරුමට සමගාමීව යුධ හමුවේ කොමිෂන් නොලත් නිලධාරීන්/ නිලධාරිණියන් 7979කුට උසස් වීම් ලබා දී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2025 ඔක්තෝබර් මස 10 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ නිළ උසස් කිරීම් පිරිනමා ඇති බවයි.…

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (10) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත්, පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ…