Month October 2025

දකුණු මුහුදෙන් හමුවූ පාර්සල්වල මත්ද්‍රව්‍ය කිලෝ 839ක්

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් ප්‍රමාණයක් සොයාගෙන තිබේ. එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්,  හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බව පොලීසිය පවසයි.   මීට අමතරව හෂීස්  කිලෝග්‍රෑම් 12කට ආසන්න…

බැංකු ගිණුමකින් හොරාට මුදල් ඇද්ද කල්ලියක් කොටුවෙයි

බැංකු ගිණුමක තිබූ රුපියල් 569,610.00ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2024.05.29 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ (14) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් අත්අඩංගුවට…

පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

පස්සර පොලිස් වසමේ ආගරතැන්න ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. අද (15) අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංච සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු රැකියාව ලෙස පතල් කැණීම් කටයුතුවල…

බදුල්ල ශික්ෂණ රෝහලේ බෝ ගසක අත්තක් කඩා වැටී ගිලන් රථයකට වෛද්‍ය නිල රථයකට හානි

බදුල්ල ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය ඉදිරිපිට තිබූ බෝ ගසක අත්තක් ඊයේ (14) පෙරවරුවේ කඩා වැටීමෙන් ගිලන් රථයකට හා වෛද්‍යවරයකුගේ නිල රථයකට හානි සිදුවී ඇත. එලෙස අනතුරට ලක්ව ඇත්තේ දියතලාව රෝහලට අයත් ගිලන් රථයකට හා බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර…

පාතාල නායක ‘බස් ලලිත්’ ඩුබායිහිදී අත්අඩංගුවට

පාතාල‍යේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තා ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන ඇතැයි නිල නොවන තොරතුරු අනාවරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් ලැබී නැති බවත්, නිල දැනුම්දීම් අපේක්ෂාවෙන් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර…

අස්වැසුම ඔක්තෝබර් දීමනාව අද බැංකු ගිණුම්වලට

අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝබර් මස ප්‍රතිලාභී දීමනාව අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, රු. 11,223,838,750 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,016 ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි එම මණ්ඩලය…

අද කාලගුණ නිවේදනය

අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින නිසා අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න්…

පාකිස්තානය ගැන IMF කණස්සල්ලෙන්

පාකිස්තානයේ බිඳෙනසුළු ආර්ථිකයට විශාල පසුබෑමක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස ඉස්ලාමාබාද් සමඟ දිගු කලක් බලා සිටි මාණ්ඩලික මට්ටමේ ගිවිසුම (SLA) අත්සන් නොකර වොෂින්ටනයට ආපසු ගොස් ඇති බව ඉහළ බුද්ධි අංශ මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම…

මේ මස අවසන් වන විට දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය පිරිස 3,000 ඉක්මවයි

මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 2,927දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම කාර්යාංශය පැවසුවේ මෙම පිරිස අතරට තරුණියන් 100 දෙනෙකු ද අයත් වන බවය. ඒ අනුව නිෂ්පාදන අංශය සඳහා…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 06 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මෙම අංක 31//2025 වක්‍රලේඛය www.moe.gov.lk වෙබ්…