Month August 2025

අත්අඩංගුවට ගන්න හොයන රතන හිමි අතුරුදන්

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්නා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් උන්වහන්සේ වැඩ සිටින රාජගිරියේ සඳහම්…

දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වීම සමාගම ලැබූ ජයග්‍රහණයක් – SupremeSAT

වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතා වෙනුවට, සත්‍ය අනාවරණය වීම තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව SupremeSAT සමාගම පවසනවා. ඒ අනුව, නිරන්තරයෙන් රටේ ප්‍රගමනය වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින්, සමාගමේ කීර්ති නාමය තවදුරටත් ප්‍රවර්ධනය…

බොරැල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

බොරැල්ල – සහස්පුර, සිරිසර උයන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සිවු දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. අදාළ තුවාලකරුවන් තිදෙනා ශල්‍ය කර්මවලට ලක්කර ඇති අතර, මේ වනවිට ඔවුන් දැඩි සත්කාර ඒකකයේ…

කථානායකට එරෙහිව විපක්ෂයෙන් ජිනීවාවලට පැමිණිල්ලක්!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට කථානායකවරයා විසින් සාධාරණ වේලාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කිරීමට විපක්ෂය තීරණය තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලකගෙන් කළ විමසීමකදී…

හයිඩර් අලි අත්අඩංගුවට

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි එංගලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ බව තහවුරු කර ඇති බවයි. ලිංගික අතවර චෝදනාවක් මත සිදුකරෙන පරීක්ෂණයට අදාලව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවද…

මතුගමින් අනුරාධපුර වන්දනාවේ ගිය වෑන් රිය කරණම් ගසයි

මතුගම සිට අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි වෑන් රථයක් අනුරාධපුර ගල්කුලම, ගල්වඩුවාගම ප්‍රදේශයේදී අනතුරකට ලක්ව එම වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදු වන අවස්ථාවේදී මෙම වෑන් රථයේ අට දෙනකු ගමන් කරමින් සිට…

මහනුවර අවසන් රන්දෝලි මහ පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහපෙරහර අද (08) වීදී සංචාරය කරයි. පෙරහර මංගල්‍යයේ සමාප්ති උත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) මහනුවර ජනපති මන්දිරයේදී පැවැත්වෙයි. ශ්‍රී දළදා මාලිගාව අබියසින් අද (08) උතුරු දිශාභිමුඛව රාත්‍රී 6.51ට ගමන් ආරම්භ…

YOUTH CLUB ජාතික සමුළුවට රට පුරා දැනුම්වත් කිරීමේ වැඩසටහන්

රට පුරා ග්‍රාම සේවා වසම් මට්ටමින් මේ වන විට යූත් ක්ලබ් ගොඩනැඟීමෙන් පසුව ප්‍රාදේශීය සම්මේලන සහ දිස්ත්‍රික් සම්මේලන පිහිටුවා අවසන්ව ඇති බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය පවසයි. ලබන 12 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එළිදැක්වීමට සූදානම් YOUTH CLUB ජාතික සමුළුව…

ජනපති වරප්‍රසාද කපන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

වර්ෂ 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමට සහ හිටපු ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ වැන්දඹුවන්ට සහ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති විශේෂ ප්‍රතිලාභ අහෝසි කිරීමට සකස් කරන ලද ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ…

නිල සංචිත ප්‍රමාණය 1% කින් ඉහළට

2025 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව  2025 ජූනි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.08ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ…