Month June 2025

විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කෙරේ

මේ වසරේ දෙවන භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා…

උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක්

උඩරට මාර්ගයේ පේරාදෙණිය හා මහනුවර අතර දුම්රිය මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් සිදුව තිබෙනවා. මහනුවර උසාවී සංකීර්ණයට ආසන්නයේ මෙලෙස දුම්රිය මාර්ගයට යටින් සිදුරක් ආකාරයට ගිලා බැසීම සිදුව ඇති අතර, මේ හේතුවෙන්  උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. මෙම ගිලා බැසීම…

දේශබන්දු තෙන්නකෝන් අදත් විමර්ශන කමිටුව හමුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද (11) පස්වැනි දිනටත් පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

Manhunt International තරගයේ දෙවන ස්ථානය පියුමාල් සිතුම්ට

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ලොව ප්‍රමුඛතම පිරිමි රූපලාවණ්‍ය තරඟයක් වන Manhunt International 2025 තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පියෙකු වන පියුමාල් සිතුම් සමත්වී තිබෙනවා. මෙම තරගාවලියේදී ඔහු Swimwear Digital ජයග්‍රාහක ශූරතාවය ද දිනා ගැනීමට සමත් වූ අතර…

රනිල් අද CIDයට පැමිණෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා. ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව…

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අද යළි අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද (11) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…

අදත් අනුරාධපුරයට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

ජාතික පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන සැහැහැවතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් (11) ක්‍රියාත්මක වනවා. ඒ අනුව ලබන 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ. මේ අතර විශේෂ බස් රථ සේවාව…

වැඩබලන අමාත්‍යවරු 04 ක් පත් කෙරේ

නාධිපතිවරයාගේ ජර්මානු සංචාරය හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා මෙන්ම, අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු,…

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (11) පෙරවරු 8. 30 සිට පස්වරු 6.30 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශ මෙන්ම කැළණිය,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය…